Gossip

ලෝක වෙළඳපල අල්ලන ඉන්දියාවේ ස්මාර්ට්ෆෝන්…

2023 වසරේ පළමු මාස ​​දෙක තුළ ඉන්දියාවේ ජංගම දුරකථන අපනයනය ඩොලර් බිලියන 02 ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වෙයි.

එලෙස අපනයනය කල ජංගම දුරකතන අතරින් Apple සහ Samsung නිෂ්පාදන ප්‍රමුඛ බව පැවසෙයි.

ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ සිට මෙම වසරේ පෙබරවාරි මාසය දක්වා ඉන්දියාවේ ජංගම දුරකතන අපනයන වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 09 ඉක්මවා ඇත.

ඉන්දියාවේ ජංගම දුරකතන නිෂ්පාදකයින් සිය නිෂ්පාදන කටයුතු සහ අපනයන වේගවත් කිරීම ඊට හේතුව බව සඳහන්.

2022 අප්‍රේල් මාසයේ සිට 2023 පෙබරවාරි දක්වා කාලය තුළ ඉන්දියාවේ ජංගම දුරකතන අපනයනය වසරකට පෙර අදාළ කාලපරිච්ඡේදයට වඩා දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

ඉන්දියාවේ ජංගම දුරකතන නිෂ්පාදකයින් 2022 සැප්තැම්බර් මාසයේ සිට සෑම මාසයකදීම අමෙරිකානු ඩොලර් බිලියන 1 ක පමණ වටිනාකමකින් යුත් ජංගම දුරකතන අපනයනය කරන බව ද සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!