Gossip

ප්‍රංශයත් TikTok එපා කියයි…

චීනයේ TikTok යෙදවුම සඳහා එල්ල වන විරෝධය දිනෙන් දින ඉහළ යමින් තිබේ.

ඒ, ලොව රටවල් TikTok යෙදවුම භාවිතය සඳහා පනවමින් ඇති සීමා හේතුවෙන්.

ඊට ප්‍රධාන හේතුව වන්නේ චීනයේ TikTok යෙදවුම සිය ආරක්ෂාවට තර්ජනයක් බව රටවල් කිහිපයක්ම මේවනවිටත් පවසා තිබීමයි.

TikTok යෙදවුම භාවිතය තුළින් එය අයත් සමාගම හරහා චීන රජය පරිශීලකයින්ගේ ‍රහස්‍ය දත්ත සොරා ගන්නා බව චෝදනා එල්ල වෙමින් ඇත.

එලෙස TikTok යෙදවුම සඳහා විරෝධය පළ කරන රටවල් අතරට අළුතෙන්ම එක්වූ රට වන්නේ ප්‍රංශයයි.

ඒ අනුව ප්‍රංශය එරට රාජ්‍ය සේවකයින්ට TikTok යෙදවුම භාවිතය තහනම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රංශයේ රාජ්‍ය සේවකයින්ට ඔවුන්ගේ රාජකාරී ජංගම දුරකතනවල TikTok යෙදවුම භාවිතය තහනම් වන බවයි.

පරිපාලනයේ සහ සිවිල් සේවකයින්ගේ සයිබර් ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම පියවර ගන්නා බව ප්‍රංශ රජය පවසා තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!