Gossip

අමෙරිකානු උප ජනපතිනිය ඉන්දීය නෑයින් සොයා යයි…

අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් ඉන්දීය සම්භවයක් සහිත කාන්තාවක්.

ඇය ඉකුත් දා ඇගේ මුත්තනුවන් (මවගේ පියා) වන පී වී ගෝපාලන්ගේ පවුලට අයත් නිවස දැක බලා ගැනීමට ගොස් තිබේ.

ඒ, ඇගේ සැම්බියානු නිල සංචාරයක් අතරතුරදීයි.

වී පී ගෝපාලන් 1960 දශකයේදී සැම්බියාවේ හිටපු ඉන්දීය විදේශ සේවා නිලධාරියෙකු ලෙස සැලකෙයි.

සිය රාජකාරී කාලය තුළ ඔහු දිවිගෙවා තිබුණේ සැම්බියාවේ ලුසාකා අගනුවර පිහිටි නිවසකයි.

පැරණි මතකය අළුත් කරමින් අමෙරිකානු උප ජනාධිපතිනිය එහි ගොස් තිබේ.

ඇය එහිදී පවසා ඇත්තේ තමන් කුඩා කලදී ද සීයාගේ සුවදුක් බැලීම සඳහා සැම්බියාවට පැමිණි බවයි.

එබැවින් සැම්බියාව තුළ අමතක කළ නොහැකි මතක රැසක් පවතින බව ද අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් එහිදී පවසා ඇත.

එමෙන්ම සියලු සැම්බියානු ජනතාවට තමන් සිය පවුලේ සියලු සාමාජිකයින් වෙනුවෙන් සුබ පැතුම් එක් කරන බව ද ඇය පවසා තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!