Gossip

ඔස්ට්‍රේලියාවටත් එපා වුන ටික්ටොක්…

චීන සමාගමකට අයත් ටික්ටොක් ජංගම දුරකතන යෙදවුම තහනම් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව ද තීරණයක් ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒ රටවල් කිහිපයක් මේවනවිටත් ටික්ටොක් තහනම් කර ඇති පසුබිමක් තුළයි.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාව තීරණය කර ඇත්තේ රාජ්‍ය නිලධාරීන් රාජකාරියේදී භාවිත කරන ජංගම දුරකතනවල ටික්ටොක් යෙදවුම භාවිතය තහනම් කිරීමට බව වාර්තා වෙයි.

එම තහනම මෙම සතියේ සිටම ක්‍රියාත්මක වනු ඇති බවයි පැවසේ.

මෙය ආරක්ෂාව සම්බන්ධයෙන් සිතා ගත් තීරණයක් බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසා ඇත.

එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සමාලෝචනයකින් අනතුරුව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ටික්ටොක් තහනම් කිරීම සම්බන්ධයෙන් එකඟ වූ බව ඕස්ට්‍රේලියානු පුවත්පත් වාර්තා කළ කරයි.

අමෙරිකාව , බි‍්‍රතාන්‍යය, නවසීලන්තය, කැනඩාව, බෙල්ජියම සහ යුරෝපා සංගමය මේවනවිටත් ටික්ටොක් පරිශීලක්යින්ට සීමා පනවා තිබේ.

ඒ, ආරක්‍ෂක ගැටළු මතයි.

ටික්ටොක් යෙදවුමේ හිමිකාරීත්වය දරණ සමාගම හරහා චීන රජයට පරිශීලකයින්ගේ දත්ත වෙත ඇතුළුවිය හැකි බවට එම රටවල් චෝදනා කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!