Gossip

රාමසාන් වෙනුවෙන්ම වෙනස් වූ ඉන්දීය අවන්හල්…

ඉන්දියාවේ අවන්හල් රසවත් ආහාර පාන සැකසීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි.

එවැනි අවන්හල් බොහෝමටක් නිර්මාංශික වුවත් සිය ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින් රාමසාන් උපවාස කාලය වෙනුවෙන් ද ඔවුන් ආහාර සකස් කරයි.

ඊට කදිම උදාහරණ සපයන්නේ කාශ්මීරයයි.

රාමසාන් උපවාස සමය ආරම්භ වීමත් සමග කාශ්මීරයේ බොහෝ අවන්හල් ඔවුන්ගේ ආහාර වට්ටෝරු වෙනස් කර ඇත.

එම අවන්හල් තුළ රාමසාන් උපවාසයේ නිරත මුස්ලිම් වැසියන් වෙනුවෙන් ඉතා රසවත් විවිධ ආහාර වර්ග සකස් කරයි.

ඉස්ලාම් ආගමට අනුව, රාමසාන් මාසය උපවාසයේ, යාච්ඤාවේ සහ සමාව දීමේ මාසයයි.

මිතුරන් සහ නෑදෑයන් අතර සබඳතා නැවත ඇති කිරීමට කාලයයි.

රාමසාන් උත්සව සමයේදී කාශ්මීර ආපනශාලාවලදී, උපවාසය වෙනුවෙන් නිරාහාරව සිටින මුස්ලිම් වැසියන් සඳහා රසවත් කෑම පිළියෙළ කරනු ලබයි.

එම ආහාර අතර නැවුම් පලතුරු සහ රට ඉඳි, බීම වර්ග අරාබි පන්නයේ ආහාර වර්ග ද වෙයි.

ඇතැම් ආපනශාලාවල කජු වර්ග හා රට ඉඳි නොමිලේ සපයන අතර යාඥා කටයුතු සඳහා ද අවස්ථාව උදා කර දී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!