Gossip

ප්ලාස්ටික් රන් කාසි වෙන ගමක්…

දකුණු කාශ්මීරයේ අනන්තනාග් දිස්ත්‍රික්කයේ හිලර් ෂහබාද් බ්ලොක් හි දුර බැහැර ගම්මානයක් වන සදිවාරා හි පරිසරය සුරැකීම සඳහා අපූරු වැඩසටහනක් ක්‍රියාත්මකයි.

ඒ අනුව පරිසරය සුරැකීම සඳහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා රන් කාසියක් පිරිනැමීමේ යෝජනා වී තිබේ.

ගම්වාසීන් විසින් පරිසරය සුරැකීම සඳහා අපද්‍රව්‍ය බැහැරලීමේ ක්‍රියාවලිය විධිමත් කර තිබේ.

එහිදී ප්ලාස්ටික් වැනි දෑ වෙන් කර ඒවා පරිසරයට බැහැර නොකර එක් රැස් කරයි.

ඒ වෙනුවෙන් ගම්මානයේ ප්‍රධානියා විසින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

එය නම් කර ඇත්තේ ‘ප්ලාස්ටික් දී රන් ලබා ගන්න’ යනුවෙන් එය නම් කර ඇත.

අදාළ වැඩසටහන යටතේ බලධාරීන් ඉදිරිපත් කර ඇති අපේක්ෂිත නිර්ණායක යටතේ ප්ලාස්ටික් ලබාදෙන පුද්ගලයින්ට ඒ සඳහා රන් කාසියක් පිරිනමනු ලබයි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කර දින 15 ක් ඇතුලත ගම්මානය ප්ලාස්ටික් වලින් තොර වී ඇතැයි වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!