Gossip

ඉන්දියාවේ තාලයට රගන රාජ්‍ය තාන්ත්‍රිකයෝ…

ඉන්දියාවේ විදේශ කටයුතු සහ සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛී ඉකුත්දා නව දිල්ලියේ සිටින විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින් සඳහා බයිසාකි සාදයක් පැවැත්වීය.

ඒ සඳහා විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයෝ සම්ප්‍රදායික ඉන්දියානු ඇඳුමින් සැරසී පැමිණ සිටිනු දක්නට ලැබිණි.

බයිසාකි උත්සවය යනු සූර්ය වර්ෂයේ ආරම්භය සනිටුහන් කරන උත්සවයක් වෙයි.

එය වාර්ෂිකව අප්‍රේල් 13 හෝ අප්‍රේල් 14 යන දිනවල සමරනු ලැබේ.

මෙම දිනය ප්‍රධාන වශයෙන් උතුරු ඉන්දියාවේ වසන්ත අස්වැන්න සැමරීමක් ලෙස සැලකේ.

සාදය සඳහා පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයින් සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී ඉන්දියානු බෙර වාදනයට අනුව නර්තනයේ යෙදෙනු දක්නට ලැබුණි.

ඔවුන්ට එය නවමු අත්දැකීමක් මෙන්ම විනෝදජනක අවස්ථාවක් ද විය.

එහිදී රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛි පැවසුවේ

ඉන්දියාව යනු ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදිම අනාගමික රටක් බවත් සියලු ආගම් සඳහා පිළිගැනීමක් ඇති රටක් බවයි.

එය හින්දු ආගම පවා නොපිළිගන්නා බොහෝ රටවලට කදිම පාඩමක් බවත් ඇය පැවසුවාය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!