Gossip

G20 නිසා වෙනස් වන ඉන්දියාව….

බෙදුම්වාදීන්ගේ බලපෑම් හමුවේ විනාශ වෙමින් තිබූ කාශ්මීරයේ ශ්‍රීනගර්, ඉන්දීය පාලනය යටතේ මේවනවිට ස්මාර්ට් නගරයක් බවට පරිවර්තනය වෙමින් තිබේ.

ජම්මු සහ කාශ්මීරයේ ශ්‍රීනගර් ප්‍රදේශය තුළ මේවනවිට දැකිය හැකි වන්නේ දියුණු ජන සමාජයක්.

පසුගිය වසර තුන තුළ ශ්‍රීනගර් ගැටුම් හමුවේ වසා දැමීමකට ලක්ව නැත.

ගල් ප්‍රහාර හෝ බෙදුම්වාදී ක්‍රියා වාර්තා වී නොමැත.

සාමය කඩ කිරීමේ සිද්ධීන් වාර්තා වී නැත.

ඒ වෙනුවට නගරය ජවසම්පන්න වී තිබේ.

ක්‍රියාකාරී ජනතාවක් සිටින ශ්‍රී නගර් මේවනවිට මැයි මාසයේදී පැවැත්වීමට නියමිත G20 රැස්වීම් සඳහා ලහිලහියේ සූදානම් වෙයි.

අද වන විට නගරය පුරා ඉදිකිරීම් ව්‍යාපෘති 80 කට අධික ප්‍රමාණයක් සක්‍රීය වී තිබේ.

ශ්‍රීනගර්හි යටිතල පහසුකම් මනාව ප්‍රතිසංස්කරණය වෙමින් පවතී.

මැයි මාසය වනවිට ජම්මු කාශ්මීරයේ ගිම්හාන අගනුවර වන ශ්‍රීනගර් වෙත නව පෙනුමක් ලැබෙනු ඇති.

ඒ ජී 20 සමුළුවේ උත්සව එහි පැමිණීමත් සමගයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!