Gossip

වාර්තාවක් තබමින් දුම්රියෙන් ගිය විදේශ ඇමති…

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මොසැම්බික් රාජ්‍යයේ සංචාරයක නිරත විය.

එහි විශේෂත්වය වන්නේ ඉන්දිය විදේශ අමාත්‍යවරයකු මොසැම්බික් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වූ ප්‍රථම අවස්ථාව එය වීමයි.

එම සංචාරයේදී ඉන්දිය විදේශ අමාත්‍යවරයා දුම්රිය ගමනකට ද සහභාගී වී ඇත.

එය ද විශේෂත්වයකි.

එනම් එම දුම්රිය ඉන්දියාවේ නිෂ්පාදනයක් වීමයි.

ඒ සඳහා මොසැම්බික් රාජ්‍යයේ ප්‍රවාහන සහ සන්නිවේදන අමාත්‍ය මාටියස් මාගල ද එක්ව තිබේ.

එහිදී අමාත්‍යවරුන් දුම්රිය ජාල පුළුල් කිරීම, සහ ජල මාර්ග සම්බන්ධතා ගැන සාකච්ඡා කර ඇති අතර ඉන්දියාව ඒ සම්බන්ධයෙන් විශ්වාසවන්ත හවුල්කරුවෙක් බව මොසැම්බික් රාජ්‍යයේ ප්‍රවාහන අමාත්‍යවරයා පවසා තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!