Gossip

ඉන්දියාව ස්මාර්ට්ෆෝන් වෙළඳපල අල්ලයි…

ඉන්දියාවේ සිදුවන ශීඝ්‍ර තාක්‍ෂණික සංවර්ධනය සහ ආර්ථික වර්ධනය නිසා එරට ස්මාර්ට්ෆෝන් කර්මාන්තය ගෝලීය ප්‍රමුඛයා බවට පත්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඇපල් සහ සැම්සුන් වැනි ප්‍රමුඛ පෙලේ දුරකථන සන්නාම විසින් මෙහෙයවන ලද ස්මාර්ට්ෆෝන් අපනයන සීමාව ඩොලර් බිලියන 10 ඉක්මවා ගොස් ඇත.

ඉන්දිය රජයේ නිෂ්පාදන සම්බන්ධ දිරි දීමනා යෝජනා ක්‍රමයේ සාර්ථකත්වය පිලිබඳ සාක්ෂියක් ලෙස මෙය හැඳින්විය හැකියි.

සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කරන්නේ ස්මාර්ට්ෆෝන් අපනයනය 2023 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දියාව ඉලක්ක කර ඇති රුපියල් කෝටි 75,000 ක මූලික ඇස්තමේන්තුව ඉක්මවා ඇති බවයි.

රටේ ඉලෙක්ට්‍රොනික අපනයනවල ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීමට ඉන්දියාව හොඳින් ගමන් කරන බවට ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍ අෂ්විනි වෛෂ්නව් ප්‍රකාශ කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!