Gossip

ආසියාව හැඩ කරන ඉන්දියාවේ ටියුලිප්…

ආසියාවේ විශාලතම ටියුලිප් උද්‍යානය වෙත මේදිනවල ඉහළ සංචාරක ආකර්ශනයක් පවතින බව වාර්තා වෙයි.

එම ටියුලිප් උද්‍යානයට හිමිකම් කියන්නේ ඉන්දියාවයි.

එම උද්‍යානය කාශ්මීර නිම්නයේ ශ්‍රීනගර්හි ඩල් විල ඉවුරේ සබර්වාන් කඳු පාමුල පිහිටා ඇත.

මෙම වසරේදී වර්ග 68 කින් යුත් ටියුලිප් මල් මිලියන 1.6 ක් පමණ එහි විකසිත වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි විදේශිකයන් දහසකට වැඩි පිරිසක් ඇතුළුව නරඹන්නන් 250,000 ක් මෙම වසරේ ගෙවුනු කාලය තුළ උද්‍යානය නැරඹීමට පැමිණ ඇත.

මෙම වසරේදී ටියුලිප් උද්‍යානය නැරඹීමට පැමිණෙන නරඹන්නන් සංඛ්‍යාව මීට පෙර වසරවල ඇති වාර්තා බිඳ හෙලනු ඇතැයි උද්‍යාන බලධාරීන් අපේක්ෂා කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!