Gossip

වසර 100 ක් පැරණි කවියක් රැප් කර රටක් හෙල්ලූ කොලු ගැටව් දෙදෙනා

19 වන සියවසේදී කාශ්මීරයේ සංගීතලෝලීන් අතරේ දැඩි ලෙස ප්‍රචලිතව තිබූ Shams Faqir නම් කවියාගේ “Mazkoora” නිර්මාණය මේ දිනවල කාශ්මීර ජනතාව යළිත් දැඩි ලෙස ප්‍රචලිතව තිබේ.

ඒ, එම නිර්මාණය නව සංගීත සුසංයෝගයෙන් ප්‍රේක්ෂකයන් අතරට පැමිණීමත් සමගයි.

මෙවර එහි විශේෂත්වය වන්නේ නව යොවුන් වියේ පසුවන නිර්මාණකරුවන් දෙදෙනෙකු සිය මධුර හඩින් ගීතයට අලංකාරයක් එක් කර තිබීමයි.

ඔවුන් නමින් අයාන් සාජිඩ් සහ නජාම් සකීඩ්.

අයාන් 11 වන වියේ පසුවන අතර නජාම් 17 වියේ පසුවේ.

විශ්වීය පණිවිඩයක් රැගෙන එන බැවින් හා අයාන් සාජිඩ්ගේ මධුර හඩින් අලංකාර වී ඇති බැවින් එම ගීතය මේ දිනවල කාශ්මීරය තුළ වේගයෙන් ප්‍රචලිත වෙමින් ඇට්.

අයාන් සාජිඩ් සිය මධුර ස්වරයෙන් කාශ්මීර ජනතාව තමන් වෙත නැඹුරු කරගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

තවමත් 11 වන වියේ පසුවන අයාන් පවසන්නේ “Mazkoora”ගීතය තමන්ව ජනතාව අතරට රැගෙන ආ බවයි.

සංගීතය යනු සිය කැමැත්ත බවත් අධ්‍යාපනය සමග සංගීතය ද සමබරව පවත්වා ගෙන යන බවත් අයාන් පවසයි.

අයාන් සමග එක්ව සිටින 17 හැවිරිදි නජාම් සාකිඩ් “Mazkoora ගීතයට රැප් සංගීතය එක් කර තිබීම විශේෂත්වයක්.

සිය You tube නාලිකාවට නව සංගිත සංයෝජනයයෙන් යුත් ගීත කිහිපයක් එක් කර ඇති බවත් එම ගීත සදහා ප්‍රේක්ෂකයන් රැසකගෙන් යහපත් ප්‍රතිචාර හිමිව ඇති බවත් නජාම් සකීඩ් ප්‍රකාශ කරයි.

ඉස්ලාමීය සිදුවීමක් සම්බන්ධයෙන් විග්‍රහ කෙරෙන Mazkoora ගීතයට රැප් සංගීතය එක් කිරීමේදී තමන්ට එය විශාල අභියෝගයක් වූ බව ද නජාම් පෙන්වා දී තිබේ

කෙසේවෙතත් ගීතයේ ජනප්‍රියත්වය සම්බන්ධයෙන් තමන් ඉමහත් සතුටට පත්වන බව ද ඔහු ප්‍රකාශ කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!