Gossip News

ලංකාවේ යොහානිට අභියෝග කරන කාෂ්මීර හැඩකාරිය…

සිය වීඩියෝ හරහා අන්තර්ජාලය තුළ වේගයෙන් ජනප්‍රියත්වයට පත් වෙමින් සිටින ඉන්දු කාශ්මීරයේ කුඩා ගැහැණු දරුවෙකු පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Aqsa Masrar නමැති 10 හැවිරිදි ඇය කාශ්මීරයේ Sopore ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඇය මුදා හරින වීඩියෝ සුළි සුළගක් සේ අන්තර්ජාලය පුරා සංසරණය විමින් ඇතැයි පැවසේ.

ඒ අනුව Aqsa Masrat මේවනවිට ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ සමාජ මාධ්‍ය හරහා බලපෑම් කල හැකි කාශ්මීරයේ ලාබාලම පුද්ගලයා ලෙසයි.

ඒ අනුව Aqsa Masrar ට මේවනවිට අන්තර්ජාලය තුළ ප්‍රේක්ෂකයන් සිය දහස් ගණනක් සිටින බව ද වාර්තා වෙයි.

ඇය මේවනවිට අන්තරජාලයට මුදා හැර ඇති වීඩියෝ සංඛ්‍යාව 50 ක් පමණ වනවා.

එම වීඩියෝ හරහා ඇය සිය ගමේ සුන්දරත්වය ලොවට පෙන්වන අතර ඇතැම් අවස්ථාවලදී සමාජ අවශ්‍යතා සහිත වීඩියෝද ඇය අන්තර්ජාලයට මුදා හරිනු ලබන බව සදහන්.

Aqsa Masrat පළමු වරට සිය වීඩියෝවක් අන්තර්ජාලය වෙත යොමු කර ඇත්තේ වයස අවුරුදු 6 දීයි.

එමගින් ඇය සීත කාලයේදී ඇගේ ගම් ප්‍රදේශයට හිම පතිත් වී ඇති අයුරු සහ අලංකාර පරිසරය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි.

ඇය පවසන්නේ තමන් විදින සුන්දර අත්දැකිම් සම වයසේ පසුවන ලොව පුරා දරුවන් සමග බෙදාගැනීමේ අරමුණින් එලෙස අන්තර්ජාලයට වීඩියෝ ඇතුළත් කරන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!