Gossip

ඉන්දියාවේ “Naatu Naatu” හොඳම ගීතයට හිමි ඔස්කාර් සම්මානය දිනයි…

අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි රඟහලේ පැවැත්වෙන 95 වන ඔස්කාර් සම්මාන උළෙලේදී ඉන්දීය තෙළිඟු සංගීතය රැව්පිළි රැව් දුන්නා.

ඒ 2023 ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම ගීතයට හිමි සම්මානය ඉන්දියාවේ RRR චිත්‍රපටයේ Naatu Naatu ගීතයට හිමිවීමත් සමගයි.

RRR යනු එස් එස් රාජමෞලි විසින් අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු තෙළිඟු භාෂාවෙන් එන ක්‍රියාදාම චිත්‍රපටයක්.

චන්ද්‍රබෝස්ගේ පද රචනයක් වන “Naatu Naatu” රාහුල් සිප්ලිගුන්ජ් සහ කාල බහිරවගේ ගායනයෙන් හැඩවී තිබේ.

එම් එම් කීරවානි එහි තනු නිර්මාපකයා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!