Gossip

කලාවට කැමති තරුණයින්ට භූතානයෙන් අළුත් වැඩක්…

කලාවට ආදරය කරන භුතානයේ තරුණ ප්‍රජාවට එය හැදෑරීම සඳහා ස්ථාන බොහෝමයක් නොමැත.

එමෙන්ම ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් සහ වෘත්තීය කලාකරුවන් හමුවී ඔවුන්ගෙන් ඉගෙනුම ලැබිය හැකි කලාගාර ද ඇත්තේ අතලොස්සකි.

එවැනි චිත්‍රාගාර කිහිපය අතරින්, VAST ලෙස හඳුන්වන චිත්‍රාගාරයක් තිම්පු හි පවතී.

ස්වේච්ඡා කලාකරුවන් විසින් පවත්වාගෙන යන එම චිත්‍රාගාරයට කලාවට ආදරය කරන තරුණ පිරිස් එක් වෙයි.

1998 වර්ෂයේ ආරම්භ කෙරුඅනු, VAST හි ප්‍රධාන අරමුණ වූයේ තරුණ භූතාන කලාකරුවන්ට ඔවුන්ගේ කුසලතා ඔප්නැංවීමට සහ ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලබාදීමයි.

කලා ක්ෂ්‍රේත්‍රයට පිවිසෙන තරුණ කලාකරුවන් සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම VAST හි අරමුණයි.

VAST චිත්‍රාගාරය මගින් White Canvas Thailand, Eastern Culture Foundation Japan, සහ Bhutan Acorn Tours and Travel සමග එක්ව චිත්‍ර තරඟයක් සංවිධානය කර ඇත.

එහිදී දේශීය කලාකරුවන්ගේ නිර්මාණ චිත්‍රාගාරයේ ප්‍රදර්ශනය කිරීමට් නියමිතයි.

වයිට් කැන්වස් භූතාන චිත්‍ර තරඟයට කලාකරුවන් 60 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වේයැයි අපේක්ෂිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!