Gossip

සාම්ප්‍රදායික සංගීතයට පෙම් බඳින කාශ්මීර කතුන්…

කාශ්මීරයේ වෙසෙන කාන්තාවන්ගෙන් බොහෝ පිරිසක් තරුණ මහළු භේද්‍යකින් තොරව තවමත් සාම්ප්‍රදයික සංගීතයට ඇලුම් කරයි.

ඉන් ඇතැමෙක් සාම්ප්‍රදායික සංගීතය හැදෑරීමට පවා යොමුවී සිටින්නේ එබැවින්.

කාශ්මීරයේ ව්‍යවසායිකාවක් වන සානා භාත් ද ස්ටූඩියෝවක් ආරම්භ කරන්නේ ඉන්දියාවේ සාම්ප්‍රදායික සංගීතය ප්‍රචලිත කරවීමේ අරමුණින්.

24 හැවිරිදි සානා භාත්, ඉන් අනතුරුව යූ ටියුබ් නාලිකාවක් ආරම්භ කළ අතර ඒ හරහා සාම්ප්‍රදයික සංගීතයේ අත්දැකිම් රසිකයින්ට ලබාදීමට තීරණය කළා.

ඒ අනුව භාත්, සාම්ප්‍රදායික සංගීත වැඩසටහනක් ද සංවිධාන කළ අතර එය සිය යූ ටියුබ් නාලිකාව හරහා සජීවීව විකාශය කර ඇත.

කලාකරුවන් සහ කලාකාරිනියන් 08 දෙනෙකු සංගිත වැඩසටහන සදහා සහභාගී වූ අතර එම සියලු ගීත නිර්මාණය කර තිබුණේ ද කාශ්මීරයේ ගීත නිර්මාණකරුවන් පිරිසක් විසින්.

කාශ්මීරයට පොහොසත් සංස්කෘතියක් ඇති බව හා ජීවත් වන මිනිසුන්ට විවිධ සංස්කෘතීන් තේරුම් ගැනීමට සංගීතය උපකාරී වන බව ද සානා භාත් සඳහන් කරයි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!