Gallery

“අපේ දඟපන්දු යවන්නා දැවී ගියා” – වනිඳුගේ වෙඩින් එක වෙනුවෙන් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම තැබූ ෆේස්බුක් සටහන

කාගෙත් ආදරය දිනාගත්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි වනිඳු හසරංග කියලා කියන්නේ. ඉතින් ඔහු ගැන අලුත්ම ආරංචිය තමයි ඊයේ ඔහු යුග දිවියට පිවිසුණා.

ඔහුගේ අතගත්ත මනාලිය වුණේ මොස්තර නිර්මාණ ක්ෂේත්‍රයට සම්බන්ධ තැනැත්තියක වන වින්ද්‍යා පත්මපෙරුමයි.

වසර 4 ක පමණ තිස්සේ වනිඳු හා ඇය අතර පෙම් සබඳතාවයක් පැවති බවත් වාර්තා වනවා.

ඊයේ දිනයේ දී කොළඹ ප්‍රධානපෙළේ හෝටලයක විවාහ මංගල උත්සවය පැවැත්වුණු අතර ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් එයට සම්බන්ධ වුණා.

මේ අතර අයි.පී.එල් තරඟාවලියේ ඔහු නියෝජනය කරන රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සිය නිල ෆේස්බුක් පිටුවේ සුබ පැතුම් ද එක්කර තිබුණා. එම සටහනේ දැක්වුණේ “අපේ දඟපන්දු යවන්නා දැවී ගිය බවයි”.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!