Gossip

ඉන්දු – ඔස්ට්‍රේලියානු රාජ්‍ය නායකයින් ක්‍රිකට් පිටියේදී හමුවෙයි…

2023 ගවස්කාර් කුසලානයේ අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නැරඹීම සඳහා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට පැමිණ තිබේ.

ඒ සිය ඉන්දීය නිල සංචාරයට සමගාමීවයි.

හයිද්‍රාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනය ලොව විශාලතම ක්‍රීඩාංගණය වන අතර එහිදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද පැමිණ තිබේ.

අනතුරුව රාජ්‍ය නායකයින් දෙපළ ඉන්දු – ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගය නැරඹීමට ද එක්වීම විශේෂත්වයක්.

නායකයින් දෙපළ පැයක පමණ කාලයක් තරගය නැරඹීමට එක්ව තිබේ.

රාජ්‍ය නායකයින් දෙපළට ක්‍රීඩාංගනයේ සිටි ප්‍රේක්ෂකයින්ගෙන් ඉහළ ප්‍රතිචාර හිමිව තිබේ.

ඔවුන් ඔල්වරසන් මැද තරගය නැරඹීම සඳහා රාජ්‍ය නායකයින් දෙපළ පිළිගෙන ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!