Gossip

අගමැති මෝදිට ළෙංගතු මිතුරෙකුගෙන් සුබ පැතුමක්…

ඉන්දියාව මෙ පසු කරමින් සිටින්නේ විචිත්‍රවත් දින කිහිපයක්.

ඉන්දියාවේ සාම්ප්‍රදායික මෙන්ම ලෝකය පුරා ප්‍රකට හෝලි උත්සවය යෙදී තිබුණේ ඉකුත් 07 වනදාටයි.

ඒ අනුව ඉන්දියානුවන් මේ දිනවල අලංකාර ලෙස හා උත්කර්ශවත් ලෙස හෝලි උත්සවය සමරමින් සිටියි.

එවන් පසුබිමක් තුළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සමීප මිතුරෙකු හෝලි උත්සවය වෙනුවෙන් සුභ පැතුමක් එක් කර තිබේ.

ඒ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින්.

“මගේ මිත්‍ර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සහ ඉන්දීය ජනතාවට සුබ හෝලි මංගල්‍යයක් වේවා! මෙම උත්සවයේ විචිත්‍රවත් වර්ණ ඔබේ ජීවිතය සතුට, ප්‍රීතිය සහ සමෘද්ධියෙන් පුරවයි. ඔබ සැමට වර්ණවත් හා අමතක නොවන හෝලි උතසවයක් ප්‍රාර්ථනා කරමි” යනුවෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉන්දීය නායක නරේන්ද්‍ර මෝදි වෙත ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සුභ පැතුම් එක් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!