Gossip

මනාලයෙක් වෙන පිරිමින්ට චීනයෙන් විශේෂ වරප්‍රසාදයක්…

ජනගහනය සහ උපත් අනුපාතය පහල යාම හමුවේ අර්බුදයට ලක්ව සිටින චීනය ඊට් විසඳුම් සොයමින් ඇත.

ඒ අනුව තරුණ ප්‍රජාව විවාහ සඳහා නැඹුරු කිරීමට චීන බලධාරීන් මහත් වෙහෙසක් ගනිමින් සිටියි.

එහි ප්‍රතිපලයක් ලෙස පැරණි විවාහ චාරිත්‍රයක් සමාජයෙන් ඉවත් කිරීමට චීන බලධාරීන් උත්සහ කරමින් සිටියි.

චීනයේ විවාහ ගිවිස ගැනීමකදී ඉටු කෙරෙන චාරිත්‍රයක් වන ලෙස එය හැඳින්වෙන්නේ Caili සම්ප්‍රදාය ලෙසයි.

එහිදී යුග දිවියට පිවිසෙන මනාලයා විසින් මනාලියගේ පාර්ශවයට මුදල් ත්‍යාග ලබාදීම සිදු කෙර්.

එමගින් මනාලයා, මනාලියගේ පාර්ශවයට තම අවංකභාවය සහ ධනය ප්‍රදර්ශනය කිරීම සිදු කරන බව චීන සමාජයේ විශ්වාසයයි.

පුරුෂයාට මුල් තැන දෙන රටක දියණියක් ඇති දැඩි කිරීම වෙනුවෙන් මනාලයා විසින් මනාලියගේ පාර්ශවයට වන්දි ගෙවීමක් ලෙස එම චාරිත්‍රය සිදුකරන බව් පැවසේ.

නවතම සමීක්ෂණයක් පෙන්වාදී ඇත්තේ චීනයේ සිදුවන විවාහවලදී හතරෙන් තුනකම මෙම චාරිත්‍රය සිදු කෙරෙන බවයි.

එම චාරිත්‍රය ඉටු කිරීම සඳහා ඇතැම් විට අමෙරිකානු ඩොලර් දසදහස් ගණනක් වැය කරන බවත් වාර්තා වී ඇත.

එබැවින් මෙවැනි චාරිත්‍ර නිසා චීනයේ තරුණයින් විවාහය කල්දමන බැවින් එවැනි තත්ත්වයන් වැළැක්වීමට චීනය තුල මේවනවිටත් යෝජනා ඉදිරිපත්ව තිබේ.

චීනයේ Hubei පළාත තුළ සිය බෑනෑවරුන්ගෙන් දෑවැද්ද අපේක්ෂා නොකිරීමට මනාලියගේ මව්පියන් දිරිගැන්වීම් සඳහා වැඩසටහනක් ද සංවිධාන කර තිබුණි.

එහිදී දෑවැද්ද ලෙස බෑනාවරුන්ගෙන් විශාල මුදලක් අපේක්ෂා නොකරන නැන්දම්මාවරුන් අතරින් ලස්සනම නැන්දම්මා තේරීම ද සිදු කෙරුණු බව පැවසෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!