Gossip

චෙරි මලින් හැඩවන සුන්දර කාශ්මීරය…

කාශ්මීර නිම්නයේ සංචාරයක කර්මාන්තය ගෝලීය මට්ටමින් ප්‍රවර්ධනය කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ අනුව කාශ්මීරයේ සංචාරක යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කරමින් සංචාරකයින් ඇදී එන නව ස්ථාන ගෙන ඒම ප්‍රාන්ත රජයේ අරමුණයි.

එහි ප්‍රථිපලයක් ලෙස කාශ්මීරයේ උද්‍යාන චෙරි ගස්වලින් සහ එම මල් වලින් අලංකාර කිරීමට තීරණය කර තිබේ.

ජපානයේ මෙන් සකුරා සහ චෙරි මලින් ගැවසුනු උද්‍යාන සකස් කර කාශ්මීරය වෙත පවතින සංචාරක ආකර්ශනය ඉහළ නැංවීමට ද බලධාරීන් සැලසුම් සකස් කර ඇත.

එහි පළමු පියවර ලෙස ශ්‍රීනගර් හි චෙරි උද්‍යානයක් ඉදිකර එය සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර මේවනවිට එහි මූලික කටයුතු අවසන් බව ද වාර්තා වෙයි.

ඒ සඳහා ජපානයේ ද නොමද සහය හිමිව ඇතැයි ද සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!