Gossip

සුපිරි මෝටර් රිය එපා කියූ අමෙරිකානු රාජ්‍ය ලේකම් ඉන්දියාවේදී රෝද 03 න් යයි.

G20 විදේශ අමාත්‍යවරුන්ගේ හමුව සහ රයිසිනා සංවාදය සඳහා සහභාගී වීම වෙනුවෙන් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටින අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් නවදිල්ලියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ද පැමිණ තිබේ.

එම සංචාරය සම්බන්ධයෙන් රාජ්‍ය ලේකම්වරයා සිය ට්විටර් ගිණුමේ සටහන් තබා ඇති අතර මේවනවිට ජාත්‍යන්තර මාධ්‍ය රැසක අවධානය ඒ වෙත යොමුව ඇත.

ඊට හේතුව වන්නේ නවදිල්ලියේ පිහිටි තානාපති කාර්යාලය දක්වා යන ගමනේ දී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය වෙඩි නොවදින සුඛෝපභෝගී මෝටර් රථය ප්‍රතික්ෂේප කර තිබීමයි.

ඒ වෙනුවට ඔහු ත්‍රී රෝද රථයකින් තානාපති කාර්යාලය දක්වා ගමන් කරන අයුරු දැක්වෙන ඡායාරූප නවදිල්ලියේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ පළ කර තිබේ.

ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම්වල නිරත අමෙරිකානු කාර්යය මණ්ඩලය හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවීම සතුටක් බව රාජ්‍ය ලේකම්වරයා තානාපති කාර්යාලයට පැමිණීමෙන් අනතුරුව පවසා ඇත.

ඉන්දියාව සමග උපායමාර්ගික හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම සඳහා කැපවීම වෙනුවෙන් ඔවුන්ට කෘතඥ වන බව ද අමෙරිකාන රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ට්විටර් සටහනකින් දක්වා තිබේ.

ඉන්දියාවේ සිටින අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් ඔවුන්ගේ සුපිරි මෝටර් රථවලට වඩා ත්‍රීරෝද රථ භාවිත කිරීමට කැමැත්තක් දක්වයි.

මීට පෙර නවදිල්ලියේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනියන් වන Ann L Mason, Ruth Holmberg, Sharen J Kitterman සහ Jennifer Bywaters ද ඔවුන්ගේ වෙඩි නොවදින මෝටර් රථ අතහැර කළු සහ රෝස පැහැති ත්‍රීරෝද රථ 04 ක් මිලදී ගත් බව ද වාර්තා විය.

ඔවුන් රාජකාරී සඳහා තානාපති කාර්යාලය වෙත පැමිණෙන්නේ එම ත්‍රීරෝද රථවලින් වීම විශේෂත්වයක්.

ඉන්දියාවේ හිටපු මෙක්සිකෝ තානාපති Melba Pria ද සිය රාජකාරී කටයුතු සඳහා නවදිල්ලියේ දී සුදු පැහැ ත්‍රීරෝද රථයක් මිලදී ගෙන එය භාවිත කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!