Gossip

මෝදිගේ ආදරය ගැන කියන යුරෝපයේ රූමත් අගමැතිනිය…

ජෝර්ජියා මෙලෝනි යනු ඉතාලියේ ඉතිහාසය අළුත් කළ කාන්තාවක්.

2022 වසරේ ඔක්තෝබර් මසදී ඉතාලියේ අග්‍රාමාත්‍ය ධූරයට ඇය පත් වන්නේ එම ධූරයට පත් පළමු කාන්තාව ලෙසයි.

ෆෝබ්ස් සඟරාවට අනුව ජෝර්ජියා මෙලෝනි ලොව බලවත්ම කාන්තාවන් අතර 07 වන ස්ථානයේ පසුවෙයි.

මෙලෙස ලොව පුරා නම රැන්දූ ඉතාලියේ රූමත් අග්‍රාමාත්‍යවරියට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ඉකුත් දා අවස්ථාවක් ලබා දුන්නා.

ඒ නවදිල්ලි නුවර පැවැති මෙවර රයිසිනා සංවිධානයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන ලෙස ඇයට ආරාධනා කරමින්.

ආරාධනය පිළිගත් ඉතාලි අග්‍රාමාත්‍යවරිය ඉන්දියාවට පැමිණි අතර එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවී අනතුරුව මාධ්‍ය හමුවේ ඇය සිදු කළ ප්‍රකාශයක් මේවනවිට ලොව පුරා කතාබහට ලක් වනවා.

ඉන්දීය සංචාරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ ජෝර්ජියා මෙලෝනි පැවසුවේ මෝදි යනු රාජ්‍ය නායකයින් අතර ප්‍රමුඛ නායකයෙකු බවයි.

මෝදි ක්‍රියාවෙන්ම ඒ බව ඔප්පු කර ඇති බව ද ඇය සඳහන් කළා.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යනු ලොව පුරා වඩාත්ම ආදරය කරන නායකයා බව ද ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි එහිදී පැවසූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එබැවින් මෝදිගේ නායකත්වයට සුබ පතන බව ද ඇය පවසා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!