Gossip

දළුලා වැඩුනු “අසල්වැසි ප්‍රේමයෙන්” හැමෝටම කියාදෙන පාඩම

නේපාල රජයේ ඉල්ලීම මත ඉන්දීය රජය විසින් පෙරේදා නේපාලයට වකුගඩු කාන්දුකරණ යන්ත්‍ර 20ක් පරිත්‍යාග කර තිබේ.

ඒ, නේපාල රජය ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

එවැනි යන්ත්‍ර 200 ක් ලබා දෙන ලෙස නේපාල රජය ඉන්දියාවෙන් ඉල්ලා තිබේ.

නේපාලය ඉල්ලා සිටින ඉතිරි යන්ත්‍ර 180 ද ඔවුන් වෙත ඉක්මනින් ලබාදෙන බව නේපාලයේ ඉන්දීය තානාපති Naveen Srivastava පවසා තිබේ.

මෙම යන්ත්‍ර නේපාලයේ සෞඛ්‍ය යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු පවසා ඇත.

ඉන්දියාව යනු හුදෙක් නේපාලයේ අසල්වැසි රාජ්‍යයක් පමණක් නොව ඔවුන්ගේ විශ්වාසනීය සංවර්ධන හවුල්කරුවෙකු වන බව ද තානාපතිවරයා සඳහන් කර තිබේ.

ඉන්දියාව සහ නේපාලය විවිධ සංවර්ධන ක්‍ෂේත්‍රවල එක්ව කටයුතු කරන අතර ඒ අතර සෞඛ්‍ය අංශය ප්‍රධාන වන බව ද තානාපතිවරයා පෙන්වා දී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!