Gossip

ජපන් මේලා ඉන්දියාවේදී ඇරඹෙයි…

ජපන් මේල වෙළඳ ප්‍රදර්ශනය අද ඉන්දියාවේ කේරළයේ කොචී හිදී ආරම්භ වෙයි.

එම ප්‍රදර්ශනය කොචී හිදී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය වන අතර එය දින 03 ක් පුරා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

කේරළයේ ඉන්දු – ජපාන වාණිජ මණ්ඩලය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධාන කර තිබේ.

ජපන් මේලා ජපානයේ සන්නාමය ප්‍රචලිත කිරීම සඳහා පැවැත්වෙන ප්‍රදර්ශනයක් වෙයි.

එරට තාක්‍ෂණය, ගුණාත්මකභාවය සහ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් රටේ ශක්තිය ඉස්මතු කරමින් හොඳම ජපන් නිෂ්පාදන සහ සේවාවන් මෙම උත්සවයේදී ප්‍රදර්ශනය කෙරෙනවා.

ජපානයේ මුහුදු ආහාර, සමුද්‍රීය නැව්ගත කිරීම, යටිතල පහසුකම්, රබර් කර්මාන්තය සහ තවත් බොහෝ කර්මාන්තවල ප්‍රවීණයන් ද මෙම අවස්ථාවට සහභාගී වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!