Gossip

හොඳම කෙටි චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානයත් ඉන්දියාවට…

අමෙරිකාවේ ලොස්ඇන්ජලිස් හි ඩොල්බි රඟහලේ පැවැති 95 වෙනි ඔස්කාර්ස් සම්මාන උළලේ හොඳම කෙටි චිත්‍රපයට හිමි සම්මානය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුවා.

ඒ, Kartiki Gonsalves විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ Guneet Monga විසින් නිෂ්පාදනය කරන ලද The Elephant Whisperers කෙටි චිත්‍රපටය වෙනුවෙන්.

The Elephant Whisperers කෙටි චිත්‍රපට කාණ්ඩයේ ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ඉන්දියානු චිත්‍රපටය ලෙස ඉතිහාස ගතවනවා.

මුදුමාලෙයි ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව නිර්මාණය වූ Elephant Whisperers යන කෙටි චිත්‍රපටයට පාදක වූ කතා වස්තුව වුයේ ආදිවාසී යුවළක් වන බොම්මන් සහ බෙලිගේ රැකවරණය ලබන රඝු නම් අනාථ අලි පැටවෙකුගේ කතාවක්.

වාර්තා චිත්‍රපටය පෙන්නුම් කරනු ලබන්නේ මෙම අලි පැටවා සහ ආදිවාසි යුවල අතර ඇති වන බැඳීම මෙන්ම ඔවුන්ගේ වටපිටාවේ ස්වභාවික සුන්දරත්වයයි.

Elephant Whisperers කෙටි චිත්‍රපටය 2022 දෙසැම්බර් මාසයේදී Netflix හි තිරගත කෙරුණා.

මෙම සම්මානයට අමතරව ඉන්දියාවේ නිෂ්පාදනය කෙරුණු RRR චිත්‍රපටයේ Naatu Naatu ගීතය ඔස්කාර් සම්මානයට පාත්‍රයට වුවා.

ඒ හොඳම ගීතය ලෙසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!