Gossip News

ටික්ටොක් වලට දඩයක්…

චීනයේ ටික්ටොක් ජංගම දුරකථන යෙදවුම සඳහා රුසියානු අධිකරණයක් දඩ පනවා තිබේ.

ඒ, සමරිසි පුද්ගල කණ්ඩායම් වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපාරයකට, අදාළ ප්‍රචාරණ කටයුතු නවත්වන ලෙස කළ ඉල්ලීම් ටික්ටොක් මගින් ප්‍රතික්ෂේප කිරීම හමුවේයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ ටික්ටොක් ජංගම දුරකථන යෙදවුම වීඩියෝවක් හරහා රුසියාව තුළදී සමරිසි පුද්ගලයින්ට සහය පළ කෙරෙන අන්දමේ වීඩියෝ ප්‍රචාරය කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් රුසියාවේ ෆෙඩරල් තරුණ ඒජන්සිය සහ එරට මාධ්‍ය නිරීක්ෂණ ආයතනය විසින් මොස්කව් අධිකරණයක් හමුවේ කරුණු දක්වා තිබේ.

ඔවුන් අධිකරණය හමුවේ කරුණූ ගොනු කර තිබුණේ ටික්ටොක් හරහා සංසරණය වන වීඩියෝ මගින් සමරිසි ව්‍යාපාර මෙන්ම රැඩිකල් ස්ත්‍රීවාදය සහ සාම්ප්‍රදායික ලිංගික සබඳතා පිළිබඳ විකෘති දැක්මක් ප්‍රවර්ධනය කරන බවයි.

ඊට උදාහරණ දක්වමින් රුසියාවේ ෆෙඩරල් තරුණ ඒජන්සිය සහ එරට මාධ්‍ය නිරීක්ෂණ ආයතනය විසින් ටික්ටොක් හරහා ඉකුත් පෙබරවාරි 10 වනදා සංසරණය වුනු වීඩියෝවක් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ඔවුන් පැවසුවේ අදාළ වීඩියෝව මගින් කතුවරයෙකු විසින් ස්ත්‍රී පුරුෂ භාවය හරහා ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳ සාකච්ඡා කරන අයුරු නිරූපණය වන බව හා සාම්ප්‍රදායික නොවන ලිංගික සබඳතා පිළිබඳ විකෘති දැක්මක් ඇති කරන බවයි.

ඒ අනුව සිදුකළ කරුණු විභාගයේදී රුසියානු සමූහාණ්ඩුවේ නීති සංග්‍රහයට අනුව අදාළ මොස්කව් අධිකරණය මගින් ටික්ටොක් ජංගම දුරකථන යෙදවුමට එරෙහිව අමෙරිකානු ඩොලර් 50,943 ක දඩයක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව තහනම් කර ඇති අන්තර්ගතයන් හුවමාරු කිරීම නවත්වන ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම් හමුවේ ටික්ටොක් ජංගම දුරකථන යෙදවුම ඉකුත් 2021 වසරේ සිට මේ දක්වා රුසියාව තුලදී අමෙරිකානු ඩොලර් 186, 494 ක දඩ මුදලකට ලක්ව ඇති බව ද රුසියානු මාධ්‍ය නිරීක්ෂණ ආයතනය පෙන්වා දෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!