Gossip News

කෝවිලට යන්න QR එක නැත්තම් බෑලු….

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි Jebel Ali හි ඉදි කළ හින්දු කෝවිලේ වැඩකටයුතු මේ වනවිට අවසන් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එය බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු සදහා අද විවෘත කිරීමට නියමිතව ඇතැයි සදහන්.

ඒ එළඹෙන දුසෙරා උත්සවයට සමගාමීවයි.

ඩුබායිහි කලීජ් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කළේ ඩුබායිහි මේ වනවිටත් පවතින ඉපැරැණි සින්දි ගුරු දර්බාර් කෝවිලේ කොටසක් ලෙස මෙම නව හින්දු කෝවිල ඉදිකර ඇති බවයි.

නව කෝවිලේ ඉදිකිරීම් කටයුතු ඉකුත් 2020 වසරේදී ආරම්භ කර තිබේ.

එය බැතිමතුන්ගේ වන්දනාමානය සදහා විවෘත වන්නේ jebel Ali හි වෙසෙන ඉන්දියානුවන්ගේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වමින්.

ඉදිකෙරුණු නව කෝවිල හෙට සිට වන්දනාකරුවන් වෙනුවෙන් විවෘත කිරීමට නියමිතව ඇතැයි ද වාර්තා වෙයි.

වන්දනාමාන කටයුතු සදහා එය උදෑසන 6 යි 30 ට විවෘත කෙරෙන අතර රාත්‍රී 8 ට දක්වා විවෘතව පවතිනු ඇති.

නව කෝවිලට ඇතුලු වී වන්දනාමාන කිරීමට සහ ඇතුළත නිර්මාණය කර ඇති අලංකාර පිළිරූ නැරඹීමට සර්ව ආගමික බැතිමතුන්ට මෙන්ම සංචාරකයින්ට ද අවස්ථාව හිමිවන බව ද පැවසේ.

කිරිගරුඬ භාවිතයෙන් අලංකාරවත්ව නිර්මාණය කර ඇති මෙම නව හින්දු කෝවිලේ ඇතැම් වාස්තු නිර්මාණවලට හින්දු මෙන්ම අරාබි ආභාෂය ද ලැබී ඇතැයි විදෙස් මාධ්‍යන්හි සදහන්.

කෝවිලේ නිල නොවන විවෘත කිරීමේ උත්සවයක් ඉකුත් සැප්තැම්බර් 1 වනදා ද පවත්වා තිබේ.

ඒ සදහා බැතිමතුන් සහ වන්දනාකරුවන් රැසක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ පහසුව වෙනුවෙන් අන්තර්ජාලය හරහා QR කේතයක් ලබාගෙන පැමිණීම තහවුරු කිරීමට කෝවිලේ පාලනාධිකාරිය බැතිමතුන්ට අවස්ථාව සලසා තිබේ.

ඒ අනුව බොහෝ වන්දනාකරුවන් පිරිසක් කෝවිලට පැමිණ ඇති අතර විශාල පිරිසක් පැමිණ ඇත්තේ සති අන්තයේදීයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!