Gossip News

සෞදියේ විශ්ව විද්‍යාල සිසුන්ට යෝග පුහුණුව…

සෞවුදියේ විශ්ව විද්‍යාල සිසුන් සදහා යෝග පුහුණුව හදුන්වා දී තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ පිරිමි හා කාන්තා යන දෙපාර්ශවයටම මෙම යෝගා පුහුණුවීමේ අවස්ථාව ලබා දී ඇති බවයි.

සමාජයේ සියලු කොටස් යෝග පුහුණුව සම්බන්ධයෙන් දැනුවත් කිරීම හා එය භාවිතය සදහා පෙළඹවීම විශ්ව විද්‍යාල සදහා යෝග පුහුණුව හදුන්වා දීමේ මූලික අරමුණ වී ඇත.

සෞදි යෝගා කමිටුව, සෞදි විශ්ව විද්‍යාල ක්‍රීඩා සම්මේලනය සමග එක්ව මෙම යෝගා පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ යටතේ විශ්ව විද්‍යාල සිසුන් සදහා සාම්ප්‍රදායික යෝගා පුහුණුව හා යෝගාසන ක්‍රීඩා හදුන්වා දීමට නියමිතයි.

සිසුන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය වර්ධනය කිරීමේ අරමුණින ඔවුන්ට මෙම යෝගා පුහුණුව ආරම්භ කර තිබේ.

ඊට අමතරව ජාතික හා ජාත්‍යන්තර තරග සදහා වීම වෙනුවෙන් වෘත්තිය යෝගාසන ක්‍රීඩා පුහුණුව හදුන්වා දිම ද සෞදියේ අපේක්ෂාව වී ඇත.

සෞදියේ මෙම යෝගා වැඩසටහන ආරම්භ වන්නේ ඉන්දියාවේ මගපෙන්වීම යටතේයි.

ඊට සමගාමීව ඉන්දියාවේ ආසියානු යෝගාසන ක්‍රීඩා සම්මේලනයේ නියෝජිතයන් පිරිසක් සෞවුදියට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඒ සෞදියේ යෝගා විනිසුරුවන්ගේ පළමු කණ්ඩායමේ පාඨමාලාවක් සදහායි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!