Gossip

ආයුර්වේද ප්‍රතිකාර මුවාවෙන් දෙදෙනෙක් තරුණියක දුෂණය කරලා

වෛද්‍යවරයෙකු බව කියන තරුණයෙක් සහ මස්සිනා කෙනෙකු විසින් අවුරුදු 20 ක තරුණියක් දූෂණය කර ඇය ගැබිණියක් බවට පත්කිරීමේ සිද්ධියකක් නාඋල පැත්තෙන් අපිට අහන්න ලැබුණා. නාඋල – ගල්බොඩ පැත්තේ පදිංචි මෙම තරුණියව ඇගේ මව්පියන් විසින් මානසික රෝගයක් ඇති බවට පවසා ගල්කිරියාගම පැත්තේ ඥාති මාමා කෙනෙකුගේ නිවසේ නතරකර තිබෙනවා.
එහිදී සිය මාමාගේ පුත්‍රයා විසින් යතුරු පැදියකින් කුරුණෑගල ප්‍රදේශයට ඇයව රැගෙන ගොස් මානසික රෝගයකට ප්‍රතිකාර කරන දේශීය වෛද්‍යවරයෙකු එම ප්‍රදේශයේ ප්‍රතිකාර කරන බව පවසා හෝටලයකට ගොස් දෙදෙනා විසින් මෙම තරුණියව දූෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.

අවස්ථා 4 කදී පමණ මාමාගේ නිවසේදීද අදාල වෛද්‍යවරයා යැයි කියාගන්නා පුද්ගලයා සහ මස්සිනා එක්ව තමන්ව දූෂණය කළ බව මෙම තරුණිය පසුව නාඋල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණයට ලක් කිරීම, සමූහ දූෂණයක් සිදුකිරීම සහ ඒ සඳහා අනුබල ලබාදීම යන චෝදනා යටතේ තරුණියගේ මාමා, මස්සිනා සහ අදාල වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

cvr

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!