ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් දිවයින පුරා අවතැන් වූ සංඛ්‍යාව හාර ලක්ෂය ඉක්මවති.
අවතැන් වූ පිරිස් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන තුළ රඳවා සිටින අතර කොළඹ ඇතැම් ප්‍රදේශවල තවදුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.
ගංවතුරට කොටු වී සිටි ජනතාවගෙන් බහුතරයක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති අතර සොර සතුරු බිය හේතුවෙන් ඇතැමකු සිය නිවෙස් තුළම රැඳී සිටින බව වාර්තා වේ.
හලාවත මයික්කුලම ඊබට් සිල්වා වත්තේ වෙසෙන ආර්එම් ගුණවංශ ඇතුළු පවුලේ සිව් දෙනකුද ගංවතුර හමුවේ දින හතක් නිවසේ රැඳී සිටියේ සොර සතුරු බිය නිසා නොවේ.
එසේ කර කියා ගත නොහැකිව ඔවුන් සිව් දෙනාට නිවසට කොටු වී සිටීමට සිදු වූයේ දෑස නොපෙනීම හේතුවෙනුයි.
දින හතෙන් වැඩි කාලයක් කුස ගින්නෙන් පෙළෙමින් සිටි මොවුන් සොයා සංදේශය වෙනුවෙන් එහි ගියේ ප්‍රසාද් ජයමාන්න පූර්ණමාල්.
නිවසේ ගෘහ මූලිකයා වන ආර් එම් ගුණවංශ විශ්‍රාමලත් සංගීත ගුරුවරයෙකි.
‘ගං වතුරේදී අපිට කිසි දෙයක් කර ගන්න බැරි උනා. ඇඳන් මට්ටමටම වතුර ආවා. අපි ඇඳන් තවත් උස්සලා ඒවා උඩට වෙලා තමයි හිටියේ’ ඔහු කියා සිටියේය.
‘රජයෙන් කිව්වා විපතට පත් සියලු දෙනාට සහන සලසනවා කියලා .නමුත් අපිට කිසි දෙයක් උනේ නැහැ එක සෝචනීය තත්වයක් . අපි මේ තත්වය තුල දින කීපයක් නොකා නොබී හිටියා.’
මාජී සිකෙරා උපතින් අන්ධ නොවුනත් මේ වන විට ඇයගේ දෑස් නොපෙනේ .
ඇය කියා සිටියේ තමන් මුහුණ දී සිටින තත්වය බලධාරීන්ට දැනුම් දුන්නත් ඉන් ඵලක් නොවූ බවයි.
‘අනික් ප්‍රධාන කරුණ නම් වටේ පිටේ කිසි කෙනෙකුටත් අපිට උදව් කරන්න විදිහක් නැහැ . ඔක්කොම ජලයෙන් යට වෙලා . පාරක යන්න බැහැ. වාහනයකට එන්න බැහැ.’
‘මේ වගේ වේලාවකදී අබාධිත පුද්ගලයන්ට උදව් කරන්න නිසි වැඩපිළිවෙළක් තිබිය යුතුයි නේද?’ මාජී සිකෙරා ප්‍රශ්න කරන්නීය.
“අඳුරක් මිස මම එළියක් නුදුටුමි කිසි විට ළඟ පාතින්. වරම් නොලද්දේ කීම දැයි නොදනිමි ලොව බලනට දෑසින් ”