මුලතිව් මුහුද මීට පෙර කිසිදිනක නොවූ අන්දමට වෙනස්වී ඇති බවට ආරංචියක් පැතිර යනවා.
මේ බව ධීවරයන් විසින් නාවික හමුදා නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ ඔස්සේ නිරීක්ෂණය කළ නාවික හමුදා නිලධාරීන් පවසා තිබුණේ මුලතිව් මුහුද ක්ෂිතිජය දක්වාම අඳුරු හා කළු පැහැයකින් යුක්ත බවයි.
නාවික හමුදා නිලධාරීන් මුලතිව් ධීවරයින්ට මුහුදු යාමෙන් වලකින ලෙස දැණුම් දී ඇතත් මේ මුහුදේ වෙනස් ස්වභාවය ඇති වීමට පෙර විශාල පිරිසක් සන්ධ්‍යා කාලයේදී මුහුදු ගොස් ඇතැයි මුලතිව් ධීවරයෝ කියා සිටිති.
මීට සති තුනකට පෙර වර්ෂාවත් සමගම මුලතිව් මුහුදේ ජල මට්ටම අඩි 5 කින් පමණ උස් වූ අතර මුහුදේ ස්වභාවයද වෙනස් වී තිබුණා.