දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් තරුණියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ(25) රාත්‍රි 7.30ට පමණ මරදාන සිට දකුණු කළුතර බලා ධාවනය වු දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණියන් දෙදෙනෙකි.
මියගිය තරුණියන් දෙදෙනාගේ මළ සිරුරු කළුබෝවිල රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(26) සිදුකිරීමට නියමිතය.
