මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකුට කණේ පහරක් එල්ල කිරීම සම්බන්ධයෙන් ජනප්‍රිය නිළි සනි ලියොන් ගැන ඉන්දියාවේ ප්‍රසිද්ධ පුවත්පතක් දැඩි විවේචනයක් එල්ල කරලා තියෙනවා.
හෝලි උත්සවය දවසේ හෝලි සමරලා සනි නැවතී ඉන්න තරු පහේ හෝටලයට යමින් සිටියදී එම මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදියෙකු අහපු ප්‍රශ්නවලට කේන්ති ගිහින් සනි කණට ගැහුවා කියලා එම පුවත්පතේ වාර්තා පළ වෙනවා.
හැබැයි සනි නම් මේ කතාව ප්‍රතික්ෂේප කරනවා. ඇය සිය ට්විටර් ගිණුමේ පවා කියන්නේ මේ පුවත ඔවුන්ගේ පත්තරේ විකුණ ගන්න ඕන නිසා හදපු බොරු කතාවක් කියලා.
කොහෙම හරී අදාළ මාධ්‍ය වේදියා සනී ලියොන්ගෙන් “ඉස්සරට වඩා දැන් ඔබට ලොකු ගානක් හම්බෙනවා නේද” කියලා ඇයගෙන් ඇහුවට ඇය එයට උත්තර දීමෙන් වැලකි සිටියා කියලයි කියන්නේ.
එම මාධ්‍ය වේදීයාට කණේ පහරක් ගැහුවේ නෑ කියල ඇය පවසනවා.
