විවාහ වී දින 21කදි දිවි එපා වී තම නිවෙස තුළම ගෙල වැලලාගෙන මියගොස් තිබෙන කාන්තාවක් ගැන රාගල පොලිස් බල ප්රදේශයෙන් වාර්තා වෙයි.
කොටගල ප්රදේශය ඇයගේ මුල් ගම් ප්රදේශය වන අතර එහි පදිංචි හිතවතියක් වෙත තමා සියදිවි නසා ගන්න බව දුරකතන කෙටි පණිවුඩයක් මගින් දන්වා තිබෙන බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත.
වතු කම්කරුවකු වන ඇයගේ සැමියා රැකියාව කරන අතරතුර නිවෙසට පැමිණ බලන විට ඇය මෙසේ මියගොස් සිටිනු දැක තිබේ.
පෙරේදා (3දා) දහවල් මෙසේ මිගොස් ඇත්තේ කදපොළ, ගෝනපිටිය වත්තේ පදිංචි සිටි සෙල්වරාජ් ප්රියදර්ශනී නමැති 28 හැවිරිදි කතකි.
නුවරඑළිය මහ රෝහලේ මෘත ශරීරාගාරයේදි පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
