ප්‍රධාන පෙලේ පාතාල කල්ලි නායකයන් දෙදෙනෙක් වන හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් යන පාතාල නායකයන් දෙදෙනා මිය ගොස් තිබෙනවා.
ඒකොට්ටාව, රුක්මල්ගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් පිරිසක් සිදුකළ මෙහෙයුමක් අතර වාරයේදී එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාරයකින් අනතුරුවයි.
මීට මාස කිහිපයකට පෙර මාතර “නිලේකා ජුවලර්ස්” ස්වර්ණාභරණ මධ්‍යස්ථානයේ මංකොල්ලය මෙහෙයවූයේද හබරකඩ වසන්තයි.
මෙම අපරාධකරුවන් දෙදෙනා කොට්ටාව, රුක්මල්ගම ප්‍රදේශයට පැමිණි සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ සමග ඇතිකර ගත් වෙඩි හුවමාරුවකදී මියගොස් ඇති අතර ඔවුන් දෙදෙනා සතුව තිබී මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සහ තවත් ස්වයංක්‍රිය ගිනි අවියක් සොයා ගත් බවද පොලීසිය පවසනවා.