Gossip

මාතර සිසු ඝාතන කල්ලියේ 03වන සැකකරු බුද්ධි අංශයෙන් අල්ලයි

මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේ උසස් පෙළ හදාරන පාසල් සිසුවෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ 03 වැනි පාසල් සැකකරුද අද (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද පෙරවරු 6.20ට පමණ මාතර කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ මෙහෙයුමකදීයි.

වල්ගම, මාතර පදිංචි සුනුරු විමුක්ති ජයවීර වයස අවුරුදු 17ක් වන සිසුවෙක්.

මෙම සැකකරු ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය පැදවූ අය බවට පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරුව අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු සහ දෙවන සැකකරු ඊයේ (26) දහවල් මාතර පොලිස් අධිකාරී කාර්යාලයට භාර වී තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!