T.V. දෙරණ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වන රයන් උද්දික විසින් රචිත ඔහුගේ දෙවන කෘතිය අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් වෙත පිරිනැමීම පසුගිය දිනක අගරදගුරු නිවසේදී සිදුකෙරුණි. සීතාවක පුරවරය, ඒ අතීත දේවස්ථානය හා දොන් බොස්කෝ ඉතිහාසය ගැන ලියවුණු “ මා දුටු බොස්කෝ“ කෘතිය කාදිනල් හිමිපාණන් විසින් මහත් සතුටින් බාරගනු ලැබුවේ තරුණ පරපුර මෙවැනි දේ කිරීමේ වටිනාකම රැස්ව සිටි පිරිසටද මතක් කරදෙමිණි.
විදුහල් රැසක විදුහල්පතිවරුන්, පූජකතුමන්ලා හා කන්යා මව්තුමියන් ඇතුළු පිරිසක් මෙම මොහොතට සම්බන්ධ වී සිටින ලදී.
උද්දික මීට පෙරද කෙටි කථා සංග්රහයක් රචනා කර තිබූ අතර එය නම්කර තිබුණේ “ බසයක් කාන්තාවක් හා මම“ ලෙසිනි.
එම අවස්ථාවේ ඡායාරූප පහතින් නරඹන්න