Gossip

නව වසර ඔබට බලපාන්නේ කොහොමද?

1111111111111111

 

2016 අපේ‍්‍රල් මස 13දා අපර භාග 7.48ට උදාවන්නාවූ නව වසර ඔබට කොහොමද? තාරකා විද්‍යා ගවේෂක පාරම්පරික ජ්‍යෝතීර්වේදී ඉන්දික බෙන්තරවිතාන මහතා විසින් ගෙන එන නව වසරේ ලග්න පලාපල විස්තරය.

 

මේෂ ලග්නය

මේෂ ලග්න හිමි ඔබට මෙම අලූත් අවුරුද්ද තුලදී දැඩි කැපවීමෙන් ස්ථීර අධිෂ්ඨානායෙන් යුතුව කරන කටයුතු වලින් ප‍්‍රයෝජන අත්වේ. වෙනදාට වඩා වෙහෙස වීමට කැප වීමට සිදුවන කාලයකි. විශේෂයෙන් උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ට, පර්යේෂණවල නිරත වන්නන්ට වෙහෙසවී කටයුතු කිරීමට සිදුවන අතර ඒ තුළින් අපේක්ෂිත ඉලක්ක කරා ළගාවීමට හැකිවේ. උදාවූ මෙම අලූත් අවුරුද්ද තුළදී වැඩ කටයුතු අධික බව මානසික ආතතිය වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවෙයි. රැුකියා කටයුතු කෙරෙහි දුශ්කරතා ඇතිවන කාලයකි. අනපේක්ෂිත අවස්ථාවලදී අනපේක්ෂිත කරුණු ආදියට මුහුණ දීමට සිදුවේ. පවතින ශනිගේ ලග්න අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්වය 2017 ජනවාරි 26 දිනෙන් නිමාවේ. එතෙක් කාලය ගැටළුකාරී විය හැක. සන්ධි ආශ‍්‍රිත අසනීප, අස්ථි සම්බන්ධ අසනීප තත්වයන් මතුවිය හැක 2017 ජනවාරි 26න් පසු තත්වය යහපත් වේ.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්න හිමි ඔබට උදාවන අලූත් අවුරුද්ද තුළදී ආර්ථික වශයෙන් ලාභ ගෙනදෙයි. රැුකියාවේ ප‍්‍ර‍ගතියක් ඇතිවන කාලයකි. නව නිවාස තැනීමට, මිලදී ගැනීමට හැකියාව ලැබෙයි. සුවපහසු ස්ථානවල පදිංචි වීමට, අලූත් වාහන මිලදී ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. 2016 අගෝස්තු මස 11 වන දිනෙන් පසුව තම දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කැප කිරීම් කිරීමට සිදුවෙයි. ඔවුන්ගේ ප‍්‍රගතියක් ඇතිවන කාලයකි. වෘෂභ ලග්න හිමි අවිවාහක අයගේ විවාහ මංගල කටයුතු ප‍්‍රමාද කරයි. පවුල් ජීවිතයේ සමගිය හා තෘප්තිය තරමක් අඩු කාලයකි. විවාහ මංගල කටයුතු කෙරෙහි පවතින අවහිර තාවයන් 2017 ජනවාරි 26 දිනෙන් නිමාවේ. නමුත් එතැන් සිට ඔබට ශනිගේ ලග්න අෂ්ඨම ඒරාෂ්ඨක අපලයක් ආරම්භ වෙයි. ඉන්පසු තත්ත්වය තරමක් අයහපත් වනු ඇත. බලාපොරොත්තු නොවන අවස්ථාවලදී හදිසි අනතුරු, ගැටළු ඇතිවීමට ඉඩ තිබේ. තුනටිය ආශ‍්‍රිත අසනීප, රුධිරය සම්බන්ධ අසනීප ඉස්මතුවිය හැකි කාලයකි.

මිථුන ලග්නය

මිථුන ලග්න හිමි ඔබට මෙම අලූත් අවුරුදු උදාව යහපත් ප‍්‍රතිඵල ගෙනදෙයි. ඔබගේ සහජ දක්ෂතාවයන් කුසලතාවයන් ඔප්නන්වා ගැනීමට හැකිවන කාලයකි. ඔබගේ කීර්තිනාමය පැතිරෙන අතර ප‍්‍රසංශාවන් අසන්නට ලැබෙන කාලයකි. අධ්‍යාපන කටයුතු වල නිරත වන්නන්ට සාර්ථක ප‍්‍රතිඵල ලබා ගැනීමට හැකිවෙයි. 2016 අගෝස්තු මස 11 වන දිනෙන් පසු පදිංචියේ වෙනසක් සිදුවිය හැක. නැතහොත් සුවපහසුවේ වර්ධනයක් ඇතිවෙයි. නවීන වාහන නිවාස මිලදී ගැනීමට යොමුවන කාලයකි. අවිවාහක අයට ගැලපෙන විවාහ මංගල යෝජනා ලැබෙයි. නමුත් ඒවා 2017 ජනවාරි 26 වන දිනට ප‍්‍රථමයෙන් ස්ථීර විය යුතුය. එදිනෙන් පසු විවාහ මංගල කටයුතු කෙරෙහි බාධා ඇතිවිය හැකිය.මෙම කාලය තුළ ගුප්ත කටයුතු, ජ්‍යෝතිෂ්‍යය වැනිදෑ කෙරෙහි දැඩි උනන්දුවක් දක්වනු ඇත. නමුත් ආගම දහම කෙරෙහි පැහැදීමක් ඇති නොවෙයි. තම වයස්ගත ඥාතියෙකුගේ වෙන්වීමක් සිදුවන කාලයකි.

කටක ලග්නය

 
කටක ලග්න හිමි ඔබට මෙම අලූත් අවුරුදු උදාව මුදල් ලැබීමේ තත්ත්වය යහපත් කරයි. ලැබීම් තත්ත්වයේ ඉහළ යාමත් සමග මුදල් වැයවීමද වැඩි කාලයක් වන බැවින් ඉතිරිකිරීම් තරමක් අඩුවෙයි. බලාපොරොත්තු නොවන මුදල් වැයවීමක් ඇතිවන කාලයකි. 2016 අගෝස්තු 11න් පසුව ලැබීම් තරමක් අඩුවන අතර වියදම් වැඩිවීමක් සිදුවිය හැක. අධ්‍යාපනය ලබන අයට තරමක් දුෂ්කරතා මධ්‍යෙය් කටයුතු කිරීමට සිදුවෙයි. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩි ධනයක් සහ වැඩි කාලයක් වැය කිරීමට සිදුවෙයි. අගෝස්තු 11 වන දිනෙන් පසු අධ්‍යාපන කටයුතු වල ප‍්‍රගතියක් ඇතිවෙයි. 2017 ජනවාරි 26න් පසු අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පැවති බධාවන් සම්පූර්ණයෙන් ඉවත්වෙයි. තම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. ඇතැම්විට ඔවුන් නිසා සිතට දුකක් ඇතිවිය හැක. සමේ අසනීප තත්ත්වයන්, රුධිරයේ සංයුතිය වෙනස් වීම නිසා ඇතිවන අසනීප තත්ත්වයන් මතුවන කාලයකි.

සිංහ ලග්නය

සිංහ ලග්න හිමි ඔබ මෙම අලූත් අවුරුදු උදාවත් සමගම සෘජු තීරණ මත, තනි තීරණ මත කටයුතු කිරීමට යොමුවෙයි. විශේෂයෙන් අන් අයගේ අදහස් වලට ඇහුන්කන් නොදෙනු ඇත. එම තත්ත්වය මත ගෘහ ජීවිතයේ ගැටළු මතුවිය හැක. ඔබගේ සහකරු සහකාරිය සමග සිත් අමනාපකම් ඇතිවිය හැකි කාලයකි. නිවාස වාහන නඩත්තු කිරීම සඳහා ධනය වැයවන කාලයකි. 2017 ජනවාරි 26 වන දිනෙන් පසු පදිංචියේ යහපත් ආකාරයේ වෙනසක් සිදුවිය හැක. එදිනෙන් පසු සුව පහසුවේ වර්ධනයක් ඇතිවේ. තම මවට තරමක් අයහපත් කාලයකි. මෙම කාලය තුළ ඔබට අලූත් මිතුරන් හඳුනාගැනීමට අවස්ථාව උදාවෙයි. නිතර නිතර උත්සව සහ ප‍්‍රිය සම්භාෂන අවස්ථා වලට සහභාගී වීමට ලැබෙන කාලයකි. 2017 ජනවාරි 26න් පසු අධ්‍යාපන කටයුතු වල නියුතු අයට දුශ්කරතා ඇතිවිය හැක. එම කාලය තුළ දරුවන්ගේ කටයුතු වලට වෙහෙස වීමට සිදුවෙයි.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න හිමි ඔබට මෙම අලූත් අවුරුදු උදාවෙන් පසු වැඩියෙන් මුදල් වැය කිරීමට සිදුවෙයි. බලාපොරොත්තු නොවන අවස්ථා වලදී මුදල් වැය කිරීමට සිදුවෙයි. 2016 අගෝස්තු 11න් පසු ඔබ වැදගත් තීරණ වලට එළඹෙනු ඇත. නමුත් ඒවා බොහෝවිට තනි තීරණ වනු ඇත. මෙම කාලය තුළ රහස් සතුරන් ඉස්මතුවීමට ඉඩ තිබේ. ඔබගේ කීර්ති නාමය හානි කිරීමට ඔබගේ දියුණුව අඩාල කිරීමට සතුරන් උත්සාහ කරනු ඇත. තම සහෝදර සහෝදරියන් සමග ඇති සම්බන්ධතාවය තරමක් අඩුවන කාලයකි. එම තත්ත්වය 2017 ජනවාරි 26න් පසුව අඩුවනු ඇත. එදිනෙන් පසු ඔබගේ හැකියාවන් ඉස්මතුවන කාලයක් උදාවෙයි. 2017 ජනවාරි 26 වන දිනෙන් පසුව නිවාස, වාහන, දේපල සම්බන්ධ කටයුතු වෙනුවෙන් වෙහෙසවීමට සිදුවෙයි. මෙම කාලය තුළදී සෙම් සහිත අසනීප, සන්ධි ආශ‍්‍රිත අසනීප ඉස්මතුවීමේ අවධානමක් පවතියි.

තුලා ලග්නය

තුලා ලග්න හිමි ඔබට මෙවර අලූත් අවුරුදු උදාවෙන් අනතුරුව මුදල් ලැබී අතමිට සරුවෙයි. ලැබීම් තත්ත්වය යහපත් වන කාලයකි. මෙම කාලය තුළ පැරණි වූ දේ අලූත් කිරීමට සහ පසුගිය කාලය තුළ සිදුවූ අඩුපාඩු නිවැරදි කර ගැනීමට මුදල් සහ කාලය වැයකිරීමට සිදුවෙයි. ප‍්‍රමාද වූ මුදල් ගනු දෙනු ලැබෙන කාලයකි. වෙළඳ ව්‍යාපාර කටයුතු වලින් දේපල වලින් හොඳ ආදායමක් උපයා ගැනීමට හැකිවෙයි. නොවිකිණෙන දේපල වාහන විකුණා ගැනීමට ගැනුම්කරුවන් හමුවෙයි. අධ්‍යාපන කටයුතු වල නිරත අය වැඩි අවදානයකින් කටයතු කිරීම වැදගත් වෙයි. අධ්‍යාපන කටයුතු අතරතුර ගැටළුවක් මතුවීමට ඉඩ තිබේ. 2016 අගෝස්තු 11න් පසු මුදල් ලැබීමේ තත්ත්වය අවුරුද්දේ මුල්කාලයට වඩා තරමක් අඩුවෙයි. තම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසවීමට සිදුවන අතර ඔවුන්ගේ දියුණුව තරමක් අඩුවීමට ඉඩ තිබේ. අවිවාහක අයට ගැලපෙන මංගල යෝජනා ගැබෙන, විවාහ කටයුතු සිදුවන කාලයකි. මෙම කාලය තුළදී ආහාර මාර්ගය ආශ‍්‍රිත අසනීප තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩක් පවතී.2017 ජනවාරි 26න් පසු මානසික නිදහස් වැඩි වෙයි. නමුත් එදිනෙන් පසු තම සහෝදර සහෝදරියන් අතර ඇති සබඳතාව තරමක් අඩුවෙයි.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න හිමි ඔබට අලූත් අවුරුදු උදාවෙන් පසු කැපවීමෙන් කටයුතු කිරීමෙන් ජයග‍්‍රහණ ලබාගැනීමට හැකිවෙයි. අපහසු දුෂ්කර අභියෝග ජයගැනීමට කටයුතු කිරීමට සිදුවෙයි. රැුකියා කටයුතුවලදී වැඩි වගකීමක් දැරීමට සිදුවන අතර රැුකියා කටයුතු කෙරෙහි චෝදනා එල්ලවීමටද ඉඩ තිබේ. දැනට පවතින ලග්න ඒරාෂ්ඨක අපල තත්ත්වය අයහපත් ප‍්‍රතිඵල ගෙනදෙයි. බලාපොරොත්තු නොවූ ගැටළුවලට සහ අනතුරුවලට මුහුණ දීමට සිදුවන කාලයකි. මානසික නිදහස අඩු කරවන අතර සිත් පීඩාවන් සහ මානසික ආතතිය ඇති කරවයි. මෙම කාල සීමාව තුළදී තම සමාජ මට්ටමට වඩා පහළ පුද්ගලයින් නිසා ගැටළු ඇතිවීමට ඉඩ තිබේ. ඔවුන්ගෙන් උදව් උපකාර ගැනීමට, ඔවුන් ඇසුරු කිරීමට සිදුවෙයි. 2017 ජනවාරි මස 26න් පසු මෙම තත්ත්වය තරමක් දුරට මග හැරී යනු ඇත. වාහන දේපල නඩත්තු කිරීම වෙනුවෙන් ධනය සහ කාලය වැය කිරීමට සිදුවන කාලයකි. තම නිවසේ රැුඳීම අඩු බවක් දනවන කාලයකි. 2016 අගෝස්තු 11දායින් පසු මුදල් ලැබීම යහපත් වෙයි. නමුත් ඉතිරි කිරීම සඳහා යහපත් වන කාලයක් නොවේ. මෙම කාලය තුළ පේ‍්‍රම සම්බන්ධතා ඇතිවීමට හැකි වුවද ඒවා තමන්ට ගැලපෙන ඒවා නොවෙයි.

ධනු ලග්නය

ධනු ලග්න හිමි ඔබ මෙම අලූත් අවුරුදු උදාවත් සමග ආගමික කටයුතු කෙරෙහි, ආධ්‍යාත්මික කටයුතු කෙරෙහි වඩා නැඹුරුතාවයක් දක්වයි. නමුත් එම කටයුතු කරනු ලබන්නේ තරමක් අපිළිවෙල බවකින් යුතුවයි. 2016 අගෝස්තු 11 වන දිනෙන් පසු රැුකියා කටයුතු කෙරෙහි තරමක් යහපත් වෙයි. මෙම වසර තුළ අනවශ්‍ය ලෙස මුදල් වැය කිරීමට සිදුවෙයි. බලාපොරොත්තු නොවුණ ගැටළු නිසා සිත් වේදනා ඇතිවෙයි. තම කීර්තිනාමය පවත්වාගැනීමට මහත් ආයාසයක් දැරීමට සිදුවෙයි. කීර්තිනාමයට හානි වියහැකි ගැටළු මතුවෙයි. තම සහෝදර සහෝදරියන්ට තරමක කරදර කාලයක් උදාවන අතර ඔවුන් සමග ඇති බැඳීම් අඩුවනු ඇත. තම හැකියාවන්ගෙන් ප‍්‍රයෝජන ලබාගැනීමට තිබෙන අවස්ථා මගහැරෙන අවහිරවන කාලයකි. අධ්‍යාපන කටයුතු වල යෙදෙන අය තම කටයුතු සාර්ථක කරගැනීමට දැඩි අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් කටයුතු කළ යුතු බව සිහියේ තබාගත යුතුය. තමන් නොකළ වරදකට චෝදනා එල්ලවන දඬුවම් විඳීමට සිදුවන කාලයකි. 2017 ජනවාරි 27 දිනෙන් ශනිගේ ලග්න ඒරාෂ්ඨක අපල තත්ත්වය ආරම්භවේ. එදිනේන පසු තත්වය අයහපත්වෙයි. අනපේක්ෂිත අසනීප කරදර ඇතිවන වැඩ කටයුතු වලට බාධා එල්ලවන කාලයකි. රුධිරය ආශ‍්‍රිත අසනීප හා පාද ආශ‍්‍රිත අසනීප මතුවන කාලයකි.

මකර ලග්නය

මකර ලග්න හිමි ඔබට මෙම අලූත් අවුරුදු උදාවෙන් පසු හොඳ ආදායමක් උපයාගත හැකිවෙයි. උපයන මුදල ප‍්‍රයෝජනයට ගෙන තම වැඩකටයුතු කරගැනීමට හැකිවෙයි. සුව පහසුව වැඩිකර ගැනීමට මුදල් වැය කිරීමට සිදුවෙයි. නමුත් ඉතිරි කිරීම අඩුවන කාලයකි. මෙම කාලය තුළ ඉතා ප‍්‍රවේශමෙන් කතාබහ කළ යුතුවෙයි. කේලාම් ඕපාදූප වලට හසුවීම, වචනය නිසා ඔබගේ හොඳ නම නැතිවීමට ඉඩ ඇති කාලයකි. ආගම දහම කෙරෙහි දක්වන ලැදියාවේ අඩුවක් ඇති වුවද 2016 අගෝස්තු 11න් පසු මෙම තත්ත්වය මගහැරී යයි. එදිනෙන් පසු ආගමික කටයුතු කෙරෙහි උනන්දුව වැඩිවෙයි. 2017 ජනවාරි 26න් පසුව මුදල් ලැබීම තරමක් අඩුවෙයි. වැයවීම් වැඩිවන කාලයක් උදාවෙයි. එම කාලය තුළ කරන කටයුතු වලින් එතරම් වාසි අත් නොවනු ඇත. තමා සතු දෑ විකි”මට යහපත් කාලයක් නොවනු ඇත. අධ්‍යාපනය ලබන්නන්ට අවුරුදු උදාවෙන් පසු මධ්‍යම ප‍්‍රතිඵලයක් ගෙනදෙනු ඇත. 2016 අගෝස්තු 11න් පසු අධ්‍යාපන කටයුතු වළ ප‍්‍රගතියක් ඇතිවෙයි. විශේෂයෙන් පශ්චාත් උපාධි හදාරණ අයට පර්යේෂණ කටයුතු වලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබෙන කාලයකි. 2017 ජනවාරි 26දායින් පසුව සෞඛ්‍ය තත්ත්වය අයහපත් වියහැක.

කුම්භ ලග්නය

කුම්භ ලග්න හිමි ඔබට මෙම අලූත් අවුරු උදාවෙන් පසු රැුකියා කටයුතු වෙනුවෙන් වැඩියෙන් වෙහෙසීමට සිදුවෙයි. රැුකියාවේදී ඔබවෙත පැවරෙන වගකීම් වැඩිවන බවක් දැනෙනු ඇත. එම තත්ත්වය 2017 ජනවාරි 26න් පසු මගහැරෙනු ඇත. එදිනෙන් පසු ආර්ථික තත්ත්වයද යහපත් වනු ඇත. මෙම කාලයේදී ඔබගේ සමාජ සම්බන්ධතා අඩුවනු ඇත.අඩු පිරිසක් ඇසුරු කරනු ලබන හුදකලාවක් දනවන කාලසීමාවකි. ඔබගේ වැඩකටයුතු නිසි කලට කරගැනීමට අපහසු බවක් දැනෙයි. වැඩ කිරීමට මැළිකමක් දැනෙන අතර මානසික අතෘප්තිකර බවකින් යුතුව කාලය ගතවෙයි.වැඩ කටයුතු අතපසුවීම වලක්වා ගැනීමට උද්යෝගයෙන් යුතුව කටයුතු කරන්න. ඔබගේ වැඩ කටයුතු කෙරෙහි, හැසිරීම කෙරෙහි අන් අය තුළ සැක උපදවන කාලයකි. විවාහ ජීවිතය තුළ යම්යම් නොගැළපීම් ගැටළු මතුවීමට ඉඩ තිබේ. පේ‍්‍රම සම්බන්ධතා පවත්වාගෙන යාමේදී ගැටළු ඇතිවීමට වඩා බිඳී යාමට ඉඩ ඇති කාලයකි. සමේ අසනීප තත්වයන්, රුධිරයේ සංයුතිය වෙනස්වීම මත ඇතිවන අසනීප තත්ත්වයන් මතුවීමට ඉඩ තිබෙන කාලයකි.

මීන ලග්නය

මීන ලග්න හිමි ඔබට අලූත් අවුරුදු උදාවෙන් පසුව සතුරන් පරාජය කිරීමේ හැකියාවක් ඇතිවෙයි. නිතර සතුරු කරදර ඇතිවන කාලයක් වුවද එම සතුරන් පරාජය කර තම අරමුණු කරා ළගා වීමට හැකිවෙයි. ආගමික කටයුතු කෙරෙහි එතරම් උනන්දු නොවන කාලයකි. වැඩිහිටියන්ගේ අවවාද අනුසාශනා පිළිනොගන්නා කාලයකි. අරපරෙස්සමෙන් මුදල් වියදම් කළද අනපේක්ෂිත වියදම් නිසා ඉතිරි කිරීම් අඩුවන කාලයකි.ධනය ලැබීම කෙරෙහි යහපත් වෙයි. අධ්‍යාපනය ලබන අයට සාර්ථක ප‍්‍රතිඵල ලැබිය හැකි කාලයකි. උසස් අධ්‍යපනය හදාරන්නන්ට අනුග‍්‍රහයන්, ශිෂ්‍යත්වයන් හිමිවීමේ වාසනාව ඇත. අවිවාහක අයට 2016 අගෝස්තු 11න් පසු ගැලපෙන විවාහ මංගල යෝජනා ඉදිරිපත්වනු ඇත. පෙම් සබඳතා ඇරඹෙන විවාහ මංගල්‍ය සිදුවන වාසනාවන්ත කාලයක් උදාවෙයි. 2016 අගෝස්තු 11 න් පසුව යහපත් සමාජ සම්බන්ධතා ඇතිවීමේ හැකියාව ඇතිවෙයි. උගත් බුද්ධිමත් පිරිස් ඇසුරු කිරීමට අවස්ථාව ලැබෙන කාලයකි. රුධිරගත අසනීප සහ සන්ධිගත අසනීප ඉස්මතුවිය හැකි කාලයකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!