11 හැවිරිදි පිරිමි දරුවකුට බරපතළ ලිංගික අතවර කළ 33 හැවිරිදි පුද්ගලයකු කුඩාඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු, දරුවාගේ බාප්පා සහ දරුවා යන තිදෙනා හේන් යායක දර පැටවීමට ගොස් ඇත. නැවත සැකකරු සමග දරුවා නිවසට පැමිණෙන අතරමග දී අපයෝජනය කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (09) වැල්ලවාය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කුඩාඔය පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ.සී ප්රසාද් මහතා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.