Gossip News

කොරෝනා නිසා තවත් පාසලක් වැසෙයි

නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලය තාවකාලිකව අද (10) වසා දැමීමට පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අංශ සහ පාසල් පාලනාධිකාරිය පැවසුවේ කොරෝනා වෛරස ආසාදිත පොලිස් නිලධාරියෙකුගේ සහෝදර ආශ්‍රිතයෙකු වූ පාසල් ආරක්ෂක නිලධාරියා පාසලේ රාජකාරි කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

අදාළ පොලිස් නිලධාරියා කොළඹ ප්‍රදේශයේ රාජකාරි කටයුතු කරන අතර, ඔහුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරීක්ෂණ වලින් තහවුරු වී ඇත.

එම නිලධාරියාගේ වැඩිමහල් සහෝදරයා තුඹුල්ල මහා විද්‍යාලයේ රාත්‍රී ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කරයි.

මේ හේතුවෙන් එම පාසල වසා දමා විෂබීජ හරණය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.

එමෙන්ම පාසල් ආරක්ෂක නිලධාරියා ඇතුළු පවුලේ සාමාජිකයින් නිරෝධායනයට යොමු කර ඇති අතර, ඔවුන් හෙට (11) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

මෙම තත්ත්වයත් සමග අද දිනයේ පාසලට පැමිණි දරුවන් සහ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් නැවත නිවෙස් කරා හරවා යැවීමට කටයුතු කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!