කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසාගේ දින පොතෙන් ලැබුණු අවාසනාවන්ත කතාවකි මේ.
අදත් ආවා විවාහවෙලා මාස අටක දරුපැටියෙකුත් ඉන්න වයස අවුරු 23 ක කාන්තාවක් පවුල් ජීවිතය අවුල් කියලා පුලුස්සගෙන.
එයා 80% ක් ම පිළිස්සිලා නිසා දුක් විදලා විදලා කොයි වෙලේ හරි ඇය මියයයි.
අපිත් ඉක්මනට සනීප වෙනවා කියලා බොරු කිය කියා වසන් කරන සත්‍යනම් ඇය මියයන බවයි.
එතෙක් ඇය හුස්ම ගනිමින් අතීතය ආවර්ජනය කරමින් කල දේ ගැන පසු තැවෙමින් , මරණ භිය විදිමින් …ජීවත් වීමට ඇලුම් කරමින් මියයයි.
ඉපදුණු දරුපැටියා ගැන දහස්වාරයක් දුක් විදියි.
හිතින් ජීවිතය ඉල්ලයි…….
හැබැයි ඇය අනිවාර්යයෙන්ම මැරෙයි.
කුමක්ද මේ ජීවිතය.
අධික ආවේගය පාලනය කල නොහැකිව තම වටිනා ජීවිතයට හානි කර ගැනීම මොනතරම් අඥාණද?
බොහෝ අය සිතන්නෙ සියදිවි නසා ගන්න පුච්චගන්නවා කියන්නෙ සරල දෙයක් කියලයි.
නමුත් ඔබට කුමන ප්‍රශ්ණයකදී හෝ එහෙම සිතුන වෙලාවට ගින්දරක් උඩට ඇගිල්ල තියලා බලන්න ඒක කොච්චර වේදනාද කියලා.
එවිට ඔබටම තේරෙයි වෙනත් කෙනෙකු වෙනුවෙන් , විසදුමක් තියෙන ප්‍රශ්න වෙනුවෙන් තමන් දුක් විදින්නෙ ඇයි කියලා..
පුලුස්සාගත් හැම කෙනාම ජීවිතේ විදින්න පුලුවන් හැම දුකක්ම විදලයි මැරෙන්නෙ. කොටින්ම සෑම තත්පරේකම ඔවුන් මැරි මැරී උපදිනවා.
ඔවුන් තමාට කරගත් මොඩකම ගැන දසලක්ෂ වාරයක් දුක් වෙනවා. ඒත් කියා ගන්න බැහැ. පරක්කු වැඩියි.
පුලුස්සාගත් ඔබ නිසා.. පවුල විදින දුක , පවුලේ අය දෙස සමාජය වපර ඇසින් බලන දෙස මොහොතක් ඔබ සිතුවාද? ඔබේ පවුලේ අන් අය විවාහ වන විට මේවාද බලපාන බන ඔබ දන්නවාද?
හිතන්න සෑම ප්‍රශ්ණෙකටම , අභියෝගයකටම හොදින් මුහුණ දෙමින් පරමායුෂ තිබෙන තුරු ජීවත් වනවා කියලා.
එයයි මනුස්සකම
