BBC ලෝක පුවත් සේවයේ වර්ගීකරණය අනුව වසරේ ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතර සිටින ඉන්දියානු කාන්තාවන් සිව්දෙනා අතර සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ද සිටියි.
BBC ය විසින් නම් කර ඇති අනෙක් ඉන්දීය බලවත් කාන්තාවන් අතර ගුවන් ඉංජිනේරුවරියක් වන Sirisha Bandla, Booker සම්මාන ලාභි ගත්කතුවරියක් වන ගීතාංජලී ශ්‍රී සහ සමාජ ක්‍රියාකාරිනියක් වන ස්නේහා ජවාල් ද වෙයි.
වාර්ෂිකව එළිදැක්වෙන ලොව බලවත්ම කාන්තාවන්ගේ ලැයිස්තුවෙන් අපේක්ෂා කෙරෙන්නේ කාන්තාවන් ලැබූ ජයග්‍රහණ ජාත්‍යන්තරව ඇගයීමට ලක් කිරීමයි.
මෙවර ලොව බලවත්ම කාන්තාවන්ගේ ලැයිස්තුව සැකසීමේදී BBC පුවත් සේවය මීට පෙර එම ලැයිස්තුවට ඇතුළත්ව සිටි කාන්තාවන් ඇතැමෙකුගේ මතය විමසා සිටීම විශේෂත්වයක්.
මෙවර ලැයිතුව මගින් ප්‍රියංකා චොප්රාව හදුන්වා දී ඇත්තේ බොලිවුඩයේ ප්‍රධානපෙළේ තරු අතර සිටින තැනැත්තියක් ලෙසයි.
ප්‍රධාන පෙළේ අමෙරිකානු නාට්‍ය මාලාවකට රංගනයෙන් දායකත්වය දැක්වූ පළමු දකුණු ආසියානු කාන්තාව වන්නේ ද ප්‍රියංකා චොප්රායි.
ඉන්දියාවේ චිත්‍රපට නිෂ්පාදන සමාගමක හිමිකාරිය වන ප්‍රියංකා චොප්රා යුනිසෙෆ් ආයතනයේ තානාපතිනියක් ලෙස ද කටයුතු කරයි.
