Gossip

ඉන්දියාවේ සාප්පු සවාරි ගිය ජර්මානු විදේශ ඇමතිනිය…

සිය ඉන්දීය නිල සංචාරය මිතුරෙකු හමුවීමට පැමිණි අවස්ථාවක් ලෙස දැනුනු බව ජර්මානු විදේශ අමාත්‍ය Annalena Baerbock පවසයි.

ඉකුත්දා දින දෙකක සංචාරයක් සදහා ඉන්දියාවට පැමිණි ජර්මානු විදේශ අමාත්‍යවරිය දිල්ලියේ පැරණි වීථිවල පිහිටි කඩසාප්පු වෙත යාමට ද වේලාව වෙන් කර ගත් අයුරු දක්නට ලැබුණි.

විදේශ අමාත්‍යවරිය සාප්පු සවාරියේ නිරත වන අයුරු දැක්වෙන ඡායාරූ කිහිපයක්ම ඉන්දියාවේ සහ භූතානයේ ජර්මානු තානාපති Philip Ackermann සිය ට්විටර් ගිණුමේ පවා පළ කර ඇත.

එහි ජර්මානු විදේශ අමාත්‍යවරිය රෙදිපිළි අලෙවිසැල්වල සිටින ඉන්දීය කාන්තාවන් සමග එක්ව ගනු ලැබූ ඡායාරූප ද වෙයි.

එහිදී ඉන්දීය ජනතාවගේ වාර්ගික හා සම්ප්‍රදායික ඇදුම් පැළදුම් කෙරෙහි ජර්මානු විදේශ කටයුතු අමාත්‍යවරිය වැඩි උන්නදුවක් දැක්වීම විශේෂත්වයක්.

එමෙන්ම ඇය එහිදී ගෙවීම් සිදු කිරීමට භාවිත කර තිබුණේ ඉන්දීය ඩිජිටල් ගෙවුම් ක්‍රමයක් වන Paytm සේවාවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!