Gossip

ඔරලෝසුවක් නිසා නඩු පටලවා ගත් හිටපු අගමැති බිරිඳ…

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට අයත් ඔරලෝසු අලෙවි කිරීමට උත්සහ කිරීමක් අනාවරණ වීමත් සමග ඔහුගේ බිරිද වන බුෂ්රා බිබී සම්බන්ධයෙන් මේදිනවල පකිස්තානයේ මාධ්‍ය තුළ සිරස්තල සහිතව පුවත් වාර්තා වෙමින් තිබේ.

එම මාධ්‍ය වාර්තාවන්ට අනුව බුෂ්රා බිබී, ඉම්රාන් ඛාන්ට සෞදියේ සල්මාන් කුමරු විසින් ත්‍යාග ලෙස පිරිනමා තිබූ මිල අධික ඔරලෝසුවක් විකිණීම සම්බන්ධයෙන් පී ටී අයි පක්ෂයේ ප්‍රභලයෙකු සමග දුරකතනය හරහා සිදු කළ සංවාදයක හඩ පටයක් නිකුත් වී තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ අදාළ හඩපටයේ ඇති කටහඩ පී ටී අයි පක්ෂය නියෝජනය කරන සුල්ෆි බුහාරිගේ බවයි.

වටිනා අත්ඔරලෝසු කිහිපයක් ඇති බවත්, ඒවා අලෙවි කිරීමට ඉම්රාන් ඛාන්ට අවශ්‍ය බවත්, ඒවා භාවිත නොකරන බැවින් ස්වාමියාට අවශ්‍ය බව ඉම්රාන් ඛාන්ගේ බිරිද පවසන අයුරු අදාල හඩ පටයේ ඇතුළත් වෙයි.

අදාල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සුල්ෆි බුහාරිගේ බවට සැකකෙරෙන කටහඩින් අදාල ඔර්ලෝසු විකුණා දීමට කැමැත්ත පළ කරන ආකාරය ද අදාල් හඩපටයේ අඩංගු වෙයි.

කෙසේවෙතත් අදාල හඩ පටය තමන්ගේ බවට එල්ල වන චෝදනා සුල්ෆි බුහාරි ප්‍රතික්ෂේප කර ඇත.

ඉම්රාන් ඛාන්ට පසුගිය අප්‍රේල් මාසයේදී පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ධූරය ද අහිමි වීමට මුල් වුණේ විදෙස් රාජ්‍ය නායකයෙකුගෙන් ත්‍යාග ලෙස හිමිවූ අත්ඔරලෝසු අලෙවි කිරීමේ චෝදනාවයි.

නිසි ලෙස රජයට භාරදී නියමිත ස්ථානවල තැන්පත් කිරීමකින් තොරව අත් ඔරලෝසු අලෙවි කිරීම හා ඒවා අලෙවි කර විශාල ලාභයක් ලබා එම ගනුදෙනු වසන් කර මැතිවරණ කොමිසම රවටා මැතිවරණයට ඉදිරිපත් වූ බවට ඉම්රාන් ඛාන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!