Gossip

ඉන්දීය අහස කාන්තාවන්ටත් විවෘත වෙයි

ඉන්දීය ගුවන් හමුදාව සිය විශේෂ කාර්යය බලකායට සම්බන්ධ වීම සදහා කාන්තා නිලධාරිනියන්ට අවස්ථාව උදාකර දී තිබේ.

ඒ අනුව ඉන්දීය ගුවන් හමුදාවට අනියුක්ත කාන්තා නිලධාරිනියන් සදහා ගුවන් හමුදාවේ Garud කමාන්ඩෝ බලකායට එක්වීමට අවස්ථාව හිමිවනු ඇත.

අවශ්‍ය නිර්ණායක සපුරාලන නිලධාරිනියන් සදහා මෙම අවස්ථාව හිමිවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගුවන් හමුදාව තුළ නිලයන් ලබාදීමේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීම මෙහි අරමුණයි.

එමෙන්ම ඉන්දීය නාවික හමුදාවට අනියුක්තව සිටින නිලධාරිනියන් හට ද ඔවුන්ගේ කමාන්ඩෝ බලකායට ද එක්වීමට අවස්ථාව සලසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවෙතත් විශේෂ කාර්යය බලකා සදහා ස්වේච්ඡාවෙන් එක්වූ පමණින් නිලධාරිනියන් සදහා වන තේරීම් ක්‍රියාපටිපාටියේ හෝ පුහුණු කිරීමේ ප්‍රමිතීන් වල වෙනසක් සිදු නොකරන බව ද වාර්තා වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!