Gossip

එක්සත් ජාතීන්ගේ මහලේකම්ට ලැබුණු අමුතු භෝජනය

සාම්ප්‍රදායික ඉන්දියානු දිවා භෝජන සංග්‍රහයක් සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී එක් විය.

ඒ සදහා මහ ලේකම්වරයාව පිළිගනු ලැබුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් විසින්.

ජගත් මහ ලේකම්වරයාට අමතරව එක්සත් ජාතීන්ගේ ආර්ක්ෂක කවුන්සිලයේ සාමාජික රටවල නියෝජිතයින් ද එම දිවා භෝජන සංග්‍රහයට සහභාගී වීම විශේෂත්වයක්.

එම විශේෂ දිවා භෝජන සංග්‍රහය සංවිධාන කර තිබුණේ 2023 ට යෙදී ඇති ජාත්‍යන්තර මෙනේරි වර්ෂයට (International Year of Millets 2023) සමගාමීවයි.

ඒ අනුව මෙනේරි මත පදනම් වූ ආහාර වර්ග යොදා ගනිමින් එම විශේෂ දිවා භෝජන සංග්‍රහය සූදානම් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

2021 වසරෙ මාර්තු මාසයේ පැවැති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයේදී 2023 ජාත්‍යන්තර මෙනේරි වර්ෂය ලෙස නම් කරනු ලැබීය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුතුව අදාළ යෝජනාව ජගත් මහා මණ්ඩලයට ඉදිරිපත් කෙරෙණු අතර ඒ සදහා අනුමැතිය ද ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.

එහි ප්‍රවර්ධනය ගෝලීය ආහාර සුරක්ෂිතතාවට මෙන්ම කෘෂිකර්මාන්තයේ තිරසර බව වැඩිදියුණු කිරීමට පිටුවහලක් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පවසා තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!