Gossip

හස්ත කර්මාන්තකරුවන් සොයා ගෙන්ගෙට යන ඉන්දියාවේ බලධාරීන්

කාශ්මීරයේ පාරම්පරික හස්ත කර්මාන්තය නගා සිටුවීම සදහා රජය මගින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ සදහා රජය විසින් ඉකුත් වසරේදී “Craft Safari” නමින් වැඩපිලිවෙළක් ආරම්භ කර ඇත.

විවිධ අර්බුද හමුවේ ඉකුත් දශක 03 පුරාවට කාශ්මීරයේ හස්ත කර්මාන්තය දරුණු ලෙස කඩා වැටී තිබුණි.

එවන් පසුබිමක් තුළ එම කර්මාන්තයේ නියුතු ශිල්පීන්ගේ ජීවන තත්ත්වය යළි නගා සිටුවීම සදහා රජය විසින් “Craft Safari” වැඩපිළිවෙල ආරම්භ කරන ලදී.

ඒ යටතේ හස්ත කර්මාන්ත ක්ෂ්‍රේත්‍රය ප්‍රවර්ධනය වෙනුවෙන් රජය විසින් තවත් අද්විතීය වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එය “Craft Safari tour” ලෙස හදුන්වා දී තිබේ.

ඒ යටතේ බලධාරීන් විසින් හස්ත කර්මාන්තයේ නිරත වී සිටින ශිල්පීන්ගේ ජීවන ගැටළු, දුක්ගැනවිලි සහ අර්බුද සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ක්ෂේත්‍ර චාරිකාවක් ආරම්භ කර ඇත.

ඒ සදහා එම නිලධාරීන් සතිපතා හස්ත කර්මාන්තකරුවන්ගේ වැඩභූමි සහ නිවෙස් වෙත සංචාරය කරනු ලබයි.

රජයේ වැඩපිලිවෙළ යටතේ කාශ්මීරයේ හස්ත කර්මාන්තය යළි පිබිදී ඇති බවත්, ඒ සදහා ඇති සංචාරක ආකර්ෂණය ද ඉහළ බවත් බලධාරීන් පෙන්වා දෙයි.

රජයේ නව වැඩපිලිවෙළ යටතේ කාශ්මීරයේ හස්ත කර්මාන්තකරුවන් ලියාපදිංචිය ආරම්භ කර ඇති අතර ඒ හරහා කිසිදු ශිල්පියෙකු අතනොහැරෙන ලෙස සිය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව බලධාරීන් පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!