Gossip

ඩිජිටල් සිතුවමෙන් ලොව දිනූ කාශ්මීර සිසුවිය

කාශ්මීරයේ ඩිජිටල් කලාකාරිනියක් වන අස්මා මිර් ඇගේ කලා නිර්මාණ සමඟ ගෝලීය වශයෙන් රැල්ලක් ඇති කිරීමට සමත්ව සිටී.

පුල්වාමා ප්‍රදේශයේ උපත ලැබූ අස්මා මේවනවිට 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඇය වසර කිහිපයකට පෙර සිටම ඩිජිටල් කලාව හැදෑරීම ආරම්භ කර තිබුණි.

අස්මා මිර් සිය කලා නිර්මාණ ඇතුළත් කර සමාජ මාධ්‍ය ඔස්සේ “Illustrations” නමින් පිටුවක් පවත්වාගෙන යයි.

සිතට නැගෙන අදහස් සහ විවිධ සිතිවිලි රූප සටහන්වලට නගා ඒවා ඩිජිටල් ආකෘතියෙන් නිරූපණය කිරීමට ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බව අස්මා පවසයි.

අස්මා බිජිටල් කලා නිර්මාණ සඳහා යොමු වූ මුල් අවධියේදී ඇගේ මව්පියන් ඒ සඳහා විරෝධය පළ කර තිබුණේ අධ්‍යාපන කටයුතු සඳහා බාධා එල්ල වේ යැයි පවසමින්.

කෙසේවෙතත් පසුව ඇයගේ දක්ෂතා දුටු මව්පියන් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ සපයා අස්මා මීර්ගේ නිර්මාණ කටයුතු සඳහා සහය දක්වා තිබේ.

මේවනවිට අස්මා සිය නිර්මාණ හරහා ආදායම් මාර්ගයක් ද සොයා ගෙන ඇති අතර කුඩා අවදියේ සිටම ආර්ථිකමය වශයෙන් ස්ථාවරව සහ ස්වාධීනව නැගී සිටින බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!