Gossip

ඉන්දියානු ගුවන් හමුදාවට එක්වූ පළමු මුස්ලිම් ගුවන් නියමුවරිය – සානියා මීර්සා

ආගම හෝ ජාතිය සිය බලාපොරොත්තු ලගා කර ගැනීම සදහා බාධාවක් කර නොගත් තරුණියක් පිළිබඳ පුවතක් ඉන්දියාව උත්තර් ප්‍රදේශ්හි මිර්සාපූර් නගරයෙන් වාර්තා වෙයි.

ඇය නමින් සානියා මීර්සා.

රූපවාහිනී කාර්මික ශිල්පියෙකුගේ දියණියක් වන සානියා මේවනවිට ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා නියමුවරියක් ලෙස සේවයට එක්ව සිටී.

එහි විශේෂත්වය වන්නේ ඇය ඉතිහාස ගත වන්නේ ඉන්දියාවේ ප්‍රහාරක ගුවන් නියමුවරියක් ලෙස සේවයට එක්වූ පළමු මුස්ලිම් කාන්තාව ලෙසයි.

එමෙන්ම ඉන්දියාවේ ප්‍රහාරක ජෙට් යාන නියමුවරියක් ලෙස සේවයට එක්වන දෙවන කාන්තාව වන්නේ ද මිස්‍රායි.

උපතින් ඉස්ලාම් වුවත් ඇය සිය අධ්‍යාපනය හදාරා ඇත්තේ හින්දු විද්‍යාලයකින් වීම විශේෂත්වයක්.

ඒ අනුව ඇය පවසන්නේ උත්සහය හා කැපවීම පවතින්නේ නම් සිය අධිෂ්ඨානයන් වෙත ලගා වීමට හින්දු මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන සිසුන්ට වුව ද බාධාවක් නොමැති බවයි.

සිය උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කළ මිස්රා ඉන්දියාවේ Centurion ආරක්ෂක ඇකඩමියෙන් සිය සිය ගුවන් හමුදාවට එක්වීමේ සිහිනය වෙනුවෙන් මූලික අඩිතාලම සකසා ගෙන තිබේ.

අනතුරුව ඉන්දියාවේ ජාතික ආරක්ෂක අධ්‍යාපන ආයතනයේ අවසන් විභාගය සමත් වීමෙන් අනතුරුව මිස්‍රා හට ඉන්දීය ගුවන් හමුදාවට එක්වීමේ අවස්ථාව උදාවී තිබේ.

ඒ අනුව ඇය ඉන්දීය ගුවන් හමුදා ඉතිහාසය අලුත් කරමින් දෙසැම්බර් මස 27 වනදා ප්‍රහාරක යානා නියමුවරියක් ලෙස සේවයට එක්වීමය නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!